(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
මුදල් ආරවුලක් මත කාන්තාවකට අත් විලංගු දමා දෙනෝදාහක් බලා සිටියදී පහර දෙමින් වත්තල පොලිසියට ඇද ගෙන ආ බව කියන ජාඇල පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙක් වත්තල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පහරකෑමට ලක්වූ කාන්තාවගේ නළලෙන් ලේ වහනය වෙමින් තිබූ නිසා ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කළ බව පොලිසිය සඳහන් කරයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ වත්තල මීගමුව පාරේ පදිංචි හතළිස් හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාව සහ සැකකාර පොලිස් සැරයන්වරයා අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් තිබී ඇතැයි පොලීසිය පවසයි.
සැකකාර පොලිස් සැරයන්වරයා පොලියට මුදල් ලබාදීමේ දීමේ නිරතව සිටින තැනැත්තෙක් යයිද පොලිසියට දැනගැනීමට ලැබී ඇතැයි පැවසේ.
වත්තල ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයක් ඉදිරිපිට මෙම කාන්තාව සිටිනවා දුටු පොලිස් සැරයන්වරයා ඇය අල්ලා අත් විලංගු දමා- මෙවැන්නක් සිදු කර ඇති බව ද පොලීසිය පැවසී ය.
වත්තල පොලිසියේ චෝදනා ශෝධනාගාරය දෙසින් කාන්තාවක් කෑගසන හඬ වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකඅනුර ගුණවර්ධන මහතාට ඇසී ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා මේ ගැන විපරම් කර බැලීමට චෝදනා ගාරයට පැමිණි අවස්ථාවේ නළලෙන් ලේ ගලමින් සිටි කාන්තාවක් දැක දැකගැනීමට හැකිවී තිබේ.
කාන්තාවට අත් විලංගු දමා තිබෙන අයුරු ද මෙහිදී දැක ගැනීමට ලැබී තිබේ.
මෙම කාන්තාවට පහර දුන්නේ යැයි කියන සැකකාර පොලිස් සැරයෙන්වරයා ද චෝදනා ශෝධනාගාරය තුළ සිටින අයුරු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැකගැනීමට ලැබී ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කාන්තාවගෙන් කරුණු විමසීමේදී මුදල් ආරවුලක් මත තමාට මෙවැන්නක් කළ බව ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇතැයි කියති.
පසුව මෙම කාන්තාවගෙන් කාන්තාව ගෙන් ප්‍රකාශයක් ලබාගෙන පොලිස් පොතේ පොතේ සටහන් කර ගෙන එහි දී හෙළි වූ තොරතුරු මත මෙම පොලිස් සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා ජාඇල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.
වත්තල පොලීසියේ රාජකාරි කරමින් සිටියදී මෙම පොලිස් සැරයන්වරයා පසුගිය මාසයේ ජා ඇල පොලිසියට ස්ථාන මාරු කර යැවූ අයකු යයිද පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
මෙම සැකකාර පොලිස් සැරයන්වරයා ව කුරුඳුවත්ත පොලිසියට විශේෂ රාජකාරි සඳහා අනුයුක්ත ව කර සිට ඇත.
රාජකාරි කටයුතු නිමාකර මෙම සැරයන්වරයා නිල ඇඳුමින් සැරසී නිවෙස් බලා යමින් සිටි අතරවාරයේ ඔහු සමඟ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් තිබුණේ යැයි කියන කාන්තාව දැක පසුව මෙවැන්නක් සිදු කර තිබෙන බවද පොලිස්පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දෙනෝදහක් බලා සිටියදි පී.සී කාන්තාවක වධ දීලා
G. K. Ekanayake Sunday, 16 July 2023 11:06 PM
අට සමත් උනත් ඔබ ගරුතරව සිටිනවා ..... අහිසක තරුණියන් තැවෙනවා...
ඉන්දික Monday, 17 July 2023 08:25 AM
කෝ මේ කාන්තා සංවිදාන. කාන්තාවක් වෙනුවෙන් පෙනී හිටින්න බැරිද.
මොට්ටපාල Monday, 17 July 2023 08:26 AM
දෙනෝදාහක් බලාසිටියදී කාන්තාවකට අත් විලංගු දමා පහරදෙමින් ඇදගෙන ආවානම් සැකපිට වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි නැහැ
Pradeep Kumara Monday, 17 July 2023 01:07 PM
නීතිය අතට ගත් මොහුට නීතිය ක්‍රියාත්මකවන හැටි අපි බලා සිටිමු.