
(කේ .බුද්ධික කුමාරසිරි)
කොස්ගම ඉහල කොස්ගම පුස්සැල්ලෑව රබර් කර්මාන්ත ශාලාව අසල දී ගෙල කපා ඝාතනය කරන ලද දෙදරු මවකගේ මළ සිරුරක් අද (23) හමු වූ බව කොස්ගම පොලිසිය පවසයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවිස්සාවෙල්ල පුවක්පිටිය ඇස්වත්ත උතුර නුගගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සේපාලගේ මල්ලිකා සමන්මලී නමැති 49 හැවිරිදි දෙදරු මවකි.
ඝාතනයට ලක් වූ කාන්තාව රබර් කිරි කැපීම රැකියාව ලෙස සිදු කර ඇති බවත් උදෑසන රැකියා ස්ථානයට යමින් සිටියදී කිසිවකු විසින් ඇය පසුපස එළවාගෙන ගොස් තියුණු ආයුධ ප්‍රහාරයක් සිදුකර ඇති බවත් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව කොස්ගම පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම ඝාතනයට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි
2025 නොවැම්බර් මස 04
527
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2255
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙදරු මව ගෙල කපා මරලා
MD Monday, 23 June 2025 03:25 PM
ගැහැණියගේ බෙල්ල කපන්න වගේම කපලා වෙන්කරගෙන පොලීසියකට රැගෙන යන කාලයකට අද රට පත්වෙලා.මොන තරම් වෛරයක්ද මේ ඉටු කරගන්නේ?පිරිමියෙක් මෙවැනි සාහාසිකත්වයට පත් වෙන්න හේතුව?දෙපාර්ශවයේම වගකීම් වගවීම් බරපතල ලෙස උල්ලංගනය වීම තුළින් තවදුරටත් ඉදිරියට ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි තත්වයක් මෙවැනි ඛේදනීය සිදුවීම් තුලින් බලපානවා. සමස්ථ රටටම ඉතාමත් භයානක තත්වයක් උදාවෙලා.
Neel Monday, 23 June 2025 04:39 PM
මනුෂ්‍යකමේ වටිනාකම අවබෝධ කරගත. යුතුයි එහෙම නැතුව මේ වගේ වැඩ කරන අය මේලොවදීම දුක්විඳින්න වෙනවා. දුකට පත්වනවා. කරපු දේ ගැන පසුතැවෙනවා. අද බලන්න හිරගෙදර ඉන්න අය.
Lalla Tuesday, 24 June 2025 08:23 AM
දුප්පත් දිරිය කාන්තාවක්... හරිම කණගාටුදායක සිදුවීමක්...