IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙදරු මවගේ සිරුර ළිඳකින් හමුවෙයි

( රොමේෂ් මධුෂංඛ)
                                                                
වව්නියාව නෙළුක්කුලම ග්‍රාම සේවක කොට්ඨාශයේ පදිංචි දෙදරු මවකගේ මළ සිරුරක් ළිඳක තිබී අද (20) ගොඩ ගත් බවට නෙළුක්කුලම් පොලීසිය කියා සිටියේය.
 

නෙළුක්කුලම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මෙම කාන්තාවගේ සැමියා විදෙස්ගතව සිටින අතර ඊයේ  රාත්‍රියේ මෙම කාන්තාවගේ නිවසින් කෑගසන ශබ්දයක් ඇසී ඇති අතර ප්‍රදේශවාසින් විසින් නිවසට ගොස් බලන විට දරුවන් දෙදෙනා පමණක් සිට ඇති අතර මව නොසිටීමෙන් පරික්ෂා කළද හමු වී නොමැත.
 
අනතුරුව අද උදෑසන සිදු කරන ලද පරික්ෂාවකදී එම කාන්තාවගේ මළ සිරුර අසල පිහිටි ළිඳක තිබී ප්‍රදේශවාසීන් දැක ඒ බව නෙළුක්කුලම් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය විසින් මළ සිරුර ගොඩට ගැනීමට පියවර ගෙන ඇත.
 
මළ සිරුර ගොඩට ගැනීමෙන් පසුව කාන්තාවගේ ගෙලෙහි තියුණු ආයුධයකින් කැපුම් තුවාලද දැකගත හැකිව තිබෙන  පොලීසිය සඳහන් කරයි.
 
කෙසේ වෙතත් අදාල සිදුවීම සම්බන්ධයෙන් නෙළුක්කුලම් පොලීසිය හා වව්නියාව පොලීසිය එක්ව පරික්ෂණයක් අරඹා ඇති අතර මිය ගිය කාන්තාව වයස අවුරුදු 11 ක සහ අවුරුදු 05 ක් දරුවන් දෙදෙනෙකුගේ මවක් වන බවටද පරික්ෂණ සිදු කරන නෙළුක්කුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.

 



අදහස් (0)

දෙදරු මවගේ සිරුර ළිඳකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site