IMG-LOGO

‘දඬුවම් ලැබූ ප්‍රසන්නට සභාවට එන්න අයිතියක් නෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මේ සභාවේ  පිටස්තරයකු   සිටින හෙයින් ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි  තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව  සමගි ජන බලවේගයේ  බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී  චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.

අධිකරණයෙන් දඬුවම් ලැබූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාට මේ සභාවට පැමිණීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයිද  ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී  විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පාර්ලිමේන්තු  සභාගර්භයේ  පිටස්තරයකුට රැඳී සිටීමට  ස්ථාවර නියෝග 21 අනුව හැකියාවක්  නැතැයිද හෙතෙම සඳහන් කළේ‍ය.

හොරකම අල්ලස් දූෂණ නවත්වන්න  අවශ්‍ය යැයි අගමැතිවරයා මේ සභාවේදී පැවසූවත්  ඔහුගේ වම් පැත්තේ හොරකමකට සම්බන්ධ වූ අයකු  හිඳගෙන සිටින බව පැවසූ චමින්ද විජේසිරි මහතා රණතුංග මහතා  ඒ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇද්දැයි තමා නොදන්නා බවද සඳහන් කළේය.

තමා මෙම කාරණය  මතු කරන්නේ පළිගැනීමක් හැටියට නොවන බව  ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්  විජේසිරි මන්ත්‍රීවරයා  මතුකළ ප්‍රශ්නයට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා හෝ වෙනත් කිසිවකු හෝ  මේ අවස්ථාවේදී  උත්තර නොදීම විශේෂත්වයක් විය.



අදහස් (1)

‘දඬුවම් ලැබූ ප්‍රසන්නට සභාවට එන්න අයිතියක් නෑ‘

චන්දන Tuesday, 07 June 2022 03:27 PM

එයා විතරක් නෙවෙයි ඔය කතා කරන තමනු ඇතුළුව සියළු දෙනාම පිටස්තරයන්. එක්කෙනෙක්වත් ඔතෙන්ට සුදුසු නැහැ.

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 383 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 269 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site