(නිමල් ජයරත්න)
පොලොන්නරුව මින්නේරිය රත්මලේ ප්‍රදේශයේ ගෝන මස් කිලෝ සියයක් ශීතකරනවල සඟවාගෙන විකිණීමට සූදානම් කරමින් සිටී ප්‍රසිද්ධ මස් වෙලෙන්දෙක් සහ ඔහුගේ බිරිඳ අද(16) සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් යුවළ අවුරුදු 42 සහ 44 වයසේ පසුවන්නන් වන අතර එම දෙදෙනා වසර විස්සකට අධික කාලයක් ඌරු කොටුවක් පවත්වාගෙන යන රත්මලේ ප්‍රදේශ්යේ ප්‍රසිද්ධ මස් ව්‍යාපාරිකයකු බවද පරීක්ෂණ සිදුකරන පොලොන්නරුව වැටලීම් අංශයේ වන සත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් ගෝන මස් ගෝනුන් දෙදෙනෙකුගේ මස් විය හැකි බවත්, මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල සැරිසරණ ගෝනුන් මරා දඩයක්කරුවන් විසින් මෙම මස් උත්සව සමයේ වැඩිමිලට විකිණීම සඳහා මෙම සැකකාර යුවලට ලබාදී ඇති බවට පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සැක පළ කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර යුවල අද (16 )හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලොන්නරුව වනජීවී වැටලීම් අංශයේ වන සත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය,
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දඩ මස් සමඟ යුවළක් දැලේ
Samitha S. Aluthgamage Sunday, 16 April 2023 12:56 PM
වනජීවී වැටලීම් අංශයේ නිලධාරී මහත්වරුන් හට අපගේ ප්‍රණාමය..! අහිංසක වන සතුන් දඩයම්කොට විකුණා මඩිය තරකර ගන්නා මස්වැද්දන් හට මින් ඉදිරියටත් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න.
Kumar (Gulf) Monday, 17 April 2023 02:16 AM
මෙම මස් දිළිඳු ළමා නිවාසයකට, විනාශ නොකර, මාස ගණනකින් ඔවුන්ගේ ආහාරවල ප්‍රෝටීන් නොලැබෙන නිසා දෙන්න.