IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’’දැඩිගම’’ නම අවභාවිතා කළාට සමාගමකට වාරණයක්

(රෝෂන් තුෂාර)

ජනතාව මුලා කරමින් "දැඩිගම" නම භාවිතා කර  රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන    මහනුවර  පුද්ගලික සමාගමකට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී.ප්‍රනාන්දු මහතා නිකුත් කළේය.

දැඩිගම වෙළඳ ලකුණට සමාන නම්  යොදා ගනිමින් අසාධාරණ තරඟයක නියැලීම වළක්වමින් මෙම වාරණය මහනුවර කටුගස්තොට, කුරුණෑගල පාරේ ඩි.ඒ.සි.පි. දැඩිගම උකස්  පුද්ගලික  සමාගමට නිකුත් කෙරිණි.

දැඩිගම උකස් මධ්‍යස්ථානය(Dedigama pawning sentre)දැඩිගම රන් ණය මධ්‍යස්ථානය(Dedigama gold loan sentre)දැඩිගම උකස්කරුවෝ(Dedigama pawn Brokers) යන නාමයන්ට සමාන නාමයන් භාවිතා කිරීම ,දැඩිගම වෙළඳ ලකුණ භාවිතා කිරීම,දැඩිගම නමින් ප්‍රචාරය කිරීම, දැඩිගම  නමින් නව වෙළඳසැල් ආරම්භ කිරීම වළක්වමින් මෙම වාරණය නිකුත් කෙරිණි.

දෙහිවල පාර, මහරගම දැඩිගම ගෲප් ප්‍රයිවට් ලිමිටඩ් හා එහි සභාපති රංජන් මලින් දැඩිගම මහතා  බුද්ධිමය දේපල පනත යටතේ පැවරු නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කෙරිණි.

සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි  නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ  විත්තිකාර සමාගම දැඩිගම කෙරෙහි ජනතා විස්වාසය  හා කීර්ති නාමය  භාවිතා කරමින් ව්‍යාජ ව්‍යාපාරයක නිරතව සිටින බවය.විත්තිකරුවන් පැමිණිලිකරුවන්ගේ දැඩිගම නාමයට සමාන වෙළඳ ලකුණක් භාවිතා කරමින් එම වෙළඳ ලකුණ ඇතුළත ජනතාවට නොපෙනෙන අයුරින් ඩි.ඒ.සි.පි. අකුරු හතර යොදමින් අසාධාරණ තරගයක නිරත වන බවද පැවසීය. 1950 ආරම්භ කළ දැඩිගම ගෲප් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව පුරා ශාකා 281 ක් ස්ථාපිත කර ඇති බවත්,විත්තිකරු එම ජනප්‍රියතාවය ව්‍යාජ ව භාවිතා කරමින්  සිටින බවත් පැවසීය.2023 අංක 36 දරණ බුද්ධිමේ දේපල පනතේ 144 වගන්තිය ප්‍රකාරව මෙය නීති විරෝධී ක්‍රියාවක් බවත්,එම පනතේ 121 වගන්තිය,160වගන්තිය  යටතේ අසාධාරණ හා ජනතාව නොමග යවන සුළු ක්‍රියාවන් බවය.

එහෙයින් ජනතා විශ්වාසය දිනූ පැමිණිලිකරුගේ කීර්ති නාමය උපයෝගී කරගනිමින් වෙළඳ කටයුතුවල නිරත වීම වළක්වන වාරණ නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් නොතීසී විත්තිකරුට නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර සමාගමට වාරණ  නියෝගයක් පනවමින් ලබන 29 වැනි දින අධිකරණය කරුණු දක්වන ලෙසට නියෝග කරමින්  අතුරු  තහනම් දැන්වීම් හා නොතීසී නිකුත් කළේය.

පැමිණිකාර සමාගම වෙනුවෙන්සුදත් පෙරේරා ඇසෝසියේට්ස් හි උපදෙස් පරිදි   නීතිඥය මනෝජ්  බණ්ඩාර මහතා සමග නීතිඥ චමත්කාද සිල්වා මෙනවිය , නීතිඥ ලක්ෂණි මෙනවිය  ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.



අදහස් (2)

’’දැඩිගම’’ නම අවභාවිතා කළාට සමාගමකට වාරණයක්

Prabha Monday, 20 May 2024 10:28 PM

කොයි දැඩිගමත් කරන්නේ ගිනි පොලියට උගස් ගන්න එක තමා.

:       2       6

Lakshman Sarathchandra Tuesday, 21 May 2024 03:17 PM

අධිකරණ නියෝගය නිවැරදියි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site