(රොමේෂ් මධුෂංඛ)
යාපනය ඉලවාලෙයි වසන්තපුරම් ප්‍රදේශයේ ගෙවත්තේ පිහිටි ළිඳකට වැටී අවුරුදු දෙකහමාරක් වයසැති දියණියක් දියේ ගිලීමෙන් මිය ගොස් ඇතැයි ඉලවාලෙයි පොලීසිය පවසයි.
මිය ගිය දියණියගේ පියා රැකියාව සඳහා නිවසින් පිටව යාමෙන් පසුව දැරියගෙ මව නිවසේ මුලුතැන්ගෙයි ආහාර පිසමින් සිටින අතරවාරයේදී මෙම දියණිය ගෙමිදුලේ සල්ලම් කරමින් සිට ඇත.
පසුව දැරිය අසල තිබූ ළිඳලඟට ගොස් සෙල්ලම් කරමින් සිටියද දැරියගේ මව ඒ පිළිබඳව නිරීක්ෂණය නොකිරීම හේතුවෙන් සෙල්ලම් කරමින් සිටි දැරිය එකවරම ළිඳට වැටී ඇතැයි මූලික පොලිස් පරික්ෂණවලදී හෙලිවෙයි.
දැරිය ළිඳට වැටීමෙන් පසුව මව ළිඳලඟට දිවවිත් ප්‍රදේශවාසීන්ගෙන් උදව් ඉල්ලා කෑගැසීමෙන් පසුව ප්‍රදේශවාසීන් වහා එම ස්ථානයට පැමිණ ළිඳේ සිටි දරුවා ගොඩට ගෙන රෝහල්ගත කලද දරුවා ඒ වනවිටත් මිය ගොස් ඇතැයි රෝහල් වෛද්‍යවරුන් දැනුම් දී ඇත.
මෙලෙස ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු දෙකහමාරක් වයසැති කරුණානිධි රක්ෂිකා නැමැති දැරියක් වන අතර දෙමාපියන්ගේ නොසැලකිලිමත් බාවය මෙවැනි අවාසනාවන්ත මරණයන්ට හේතුවන බවටද පරික්ෂණ සිදුකරන පොලීසිය වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දෙකහමාරේ දැරිය ළිඳට බිලි
Perera Wednesday, 10 May 2023 12:48 PM
අවුරුදු දෙකහමාරේ තම දරුවගේ ආරක්ෂාව ගැන කල්පනාවක් නැති මෙවැනි අයට රටේ අනාගතේ තීරණය කරන්න සුදුසු නායකයින් පත් කරගන්න නායකයෙක් තියෙයිද?