IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


දක්ෂිණ අධිවේගය වාහන 17 එකට ගැටේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23 දශම 3 කළුතර  ප්‍රදේශයේ දී වාහන 17 ක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි.

සුඛෝපභෝගී මෝටර් රථ,වෑන් රථ සහ ලොරි රථ  අනතුරට ලක් වූ වාහන අතර වන බව පොලිසිය කියයි.

සිදු වූ අනතුර හේතුවෙන් කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ගයේ දොඩංගොඩ දෙසට කිලෝමීටර් ගණනාවක දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බවත් පැය කීපයක් තුළදී අනතුරට පත් වාහන එම ස්ථානවලින් ඉවත්කර වාහන ගමනාගමනය සඳහා සාමාන්‍ය තත්ත්වයට පත් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියකු පැවැසීය

ඉදිරියෙන් ගමන් ගත් ගමන් ගත් වෑන් රථයක් තිරිංග තද කිරීමත් සමගම පසුපසින් පැමිණ තිබූ සෙසු වාහන එයාකාරයෙන් තිරිංග තද කිරීමේ හේතුවෙන් මෙම අනතුර වැල සිදුවී ඇතැයි පොලිසිය කියයි සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගොස් යළි නිවෙස් බලා යමින් සිටි බහුතරයක් දෙනා අනතුර පත් වාහන වල ගමන් කර තිබූ බව පොලිසිය කියයි.



අදහස් (6)

දක්ෂිණ අධිවේගය වාහන 17 එකට ගැටේ

Lalith M Monday, 18 April 2022 06:53 AM

අපේ සමහර රියදුරන්ට අධිවේගී මාර්ග නීති බෑ. සාමාන්‍ය පාරවල් වගේ වෙට්ටු දමනවා. මෝඩ උද්දච්ච අය....

:       1       2

Nuwan Monday, 18 April 2022 07:09 AM

අනතුර වළකාගන්න තිබ්බා...!

:       0       2

Thilak dubai Monday, 18 April 2022 07:30 AM

මේක නම් මරු වැඩේ...!

:       0       0

Chamara Monday, 18 April 2022 08:02 AM

වාහනයක් පරිස්සමට, කල්පනාවෙන් එළවාගන්න බැරි තොත්ත බබාලා...

:       0       1

Janindu Perera Monday, 18 April 2022 10:08 AM

වාහන ධාවනයේ 'තත්පර දෙක' නීතිය නොදැනීමේ වරද තමයි...

:       2       10

Nalin Monday, 18 April 2022 04:50 PM

මමත් යන ගමන් හිටියේ... මම දැක්කේ වෑන් එකක් විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 828 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1255 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site