(චන්ද්‍රසිරි ගුණසේකර)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 57/2 කණුව අසළදී අද (12) අළුයම සිදුවූ රිය අනතුරකින් රථයේ සිටි සහායකයා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
හිස් බියර් බෝතල් රැගෙන මාතර සිට කොළඹ දෙසට යමින් තිබූ මෙම රථයේ රියදුරාට නින්දයාමෙන් වාහනය පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.
අනතුරෙන් තුවාල ලැබූ රියදුරා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මියගිය ලොරි සහායකයාගේ සිරුර ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
මෙම ලොරිරථය කොළඹ ප්‍රදේශයේ පිහිටි සමාගකට අයත් එකක් වන අතර රියදුරා හා සහායකයා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහතැප්ම පිවිසුමේ පිහිටි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දක්ෂිණ අධිවේගියේ රිය අනතුරකින් අයෙක් මරුට