IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


දකුණේ පුරන් කුඹුරු 17,000ක් වගා කරන්න යයි

   (ජේ.කේ.එල්. චාමින්ද)

ඉදිරි යල කන්නයේ දි දකුණු පළාතේ පුරන් කුඹුරු අක්කර 17,000ක්  නැවත වගා කිරිම  සදහා සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

මායිම් ගැටඵ, නඩු හබ නොමැති පුරන් කුඹුරු මේ වනවිට හදුනාගෙන ඇති බව සදහන් කළ ආණ්ඩුකාරවරයා  පුරන් කුඹුරු අස්වැද්දිම සදහා  දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය  මගින්  විශාල මුදලක් වෙන්කොට ඇති බවද පැවසීය.

මේ පිළිබද  අදහස්  දක්වමින් දකුණු පළාත් ආණ්ඩුකාරවර  බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙසේද කිවේය.

‘  පුරන් කුඹුරු අක්කර 17,000ක් හදුනාගෙන  තියෙනවා.එම පුරන් කුඹුරු නැවත වගාකිරිමට  අවශ්‍ය ක්‍රියාවලිය  මේ වනවිට සකස්කොට තියෙනවා. පුරන් කුඹුරු වල  දත්ත ලිපිගොණුවල   පමණක් තිබිලා වැඩක් නැහැ.‘ 



අදහස් (2)

දකුණේ පුරන් කුඹුරු 17,000ක් වගා කරන්න යයි

ගුණරත්න Tuesday, 11 March 2025 01:02 PM

හැමදාම ආණ්ඩුවක් ආවාම ඔය සින්දුව වාදනය වෙනවා අකුරක් අඩුවක් නැතිව. එත් ගොවියෝ ටික කාලෙකින් වගාව අතාරින්නේ හේතුවක් ඇතිව. අන්න එක හොයනවා නිසැක කරන්නන් වාලේ කිරීම තේරුමක් නැති වැඩක්. ඉතින් ඔය දේවල් තේරුම් ගන්න මේ ආණ්ඩුවටත් බැහැ කියල අපි දන්නවා.

:       5       2

රුවන් Tuesday, 11 March 2025 06:29 PM

ගුණරත්න දන්න දෙකුත් නෑ නොදන්න දෙකුත් නෑ. දකුණේ පුරන් කුඹුරු 17,000ක් තියෙන්න හේතු ගොඩක් බලපානවා. අපිට ගාල්ලේ කුඹුරු තියෙන හින්දා කියන්නේ අපි බංකොලොත් නෑ. මේ පාර කිරි සම්බා අස්වැන්න වෙනදට වඩා හම්බවුනා. (වැස්සට කලින් කැපුවේ) හැටැයි අපේ බාප්පගේ එක පුරන් වෙලා තියෙන්නේ පවුලම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ හින්දා. ඒ අය අපිට දෙන්නෙත් නෑ අදේට දෙන්නෙත් නෑ. එහෙම පවුල් මෙහේ ඕනතරම් තියෙනවා. විදේශගතව ඉන්න සිංහල ඩයස්පෝරාව මිලියන 2කකට වැඩියි. සිංහල ජනගහණයෙන් 12% ඉන්නේ රට. ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 2ක්, බ්‍රිතාන්‍යයේ ලක්ෂ 2ක් ඉන්නවා. ලෝකයේ කිසිම රටක 10-15% විදේශගතවෙලා නෑ. ලංකාවේ වෛද්‍ය පීඨ වලින් එලියට එන අයගෙන් 30-40% රට පනිනනවා. අපේ බාප්පත් 2001 වෛද්‍ය උපාධිය අරන් මාස 2යි ඕස්ට්‍රේලියාවට පැන්නා. රටේ මහජනතාවගේ බදු වලින් ඉගෙන ගත්තේ අය අද වැඩ කරන්නේ සුද්දට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site