IMG-LOGO

දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුව යළි ඇවිළෙයි

දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයට අයත් ප්‍රධාන පැරැණි ගොඩනැගිල්ලේ යළිත් වරක් ගින්නක් හටගත්තේය. මෙම දෙවැනි ගින්න හටගත්තේ පළමු ගින්න හටගෙන පැය 36 ක් ගතවීමට පෙරය. ගින්න සෙසු ගොඩනැගිලිවලට ද පැතිර ගියේය.

දෙවැනි වරට ගින්න හටගත්තේ ද පළමු වරට ගින්න හටගත් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි වසර 130 ක් පැරැණි ගොඩනැගිල්ලෙනි. මැති ඇමැතිවරුන්ගේ සභාගර්භය ඇත්තේ ද මෙම ගොඩනැගිල්ලේය. මෙය 1884 වසරේ දී ඉදි කරන ලද්දකි.

දෙවැනි ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 50 දෙනකු පැමිණි බව පැවැසෙයි.

පළමු වරට හටගත් ගින්නෙන් කිසිවකුටත් අනතුරක් සිදු නොවුණත්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට සහ සභාගර්භයට ඉහළින් වහලයට දරුණු හානි සිදුවිය. දෙවැනි ගින්න හටගත්තේ එසේ හානි සිදුවී ඇති අවස්ථාවකය. ඒ අනුව සිදුවුණු හානිය අති මහත් බව දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පළමු ගින්න හටගත් අවස්ථාවේදී පොලිසිය ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර, එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව අනාවරණය කර ගත්තේය. පොලිසිය 49 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ද පැවැසීය.

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා සහ පාර්ලිමේන්තු කතා නායකවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ එම ගින්න දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වුණු ප්‍රබල 'ප්‍රහාරයක්' බවය. පාර්ලිමේන්තුවට සිදුවුණු හානිය ගැන නොතකා පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යන බව දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුව යළි ඇවිළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 281 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 147 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1788 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site