(ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල දෝව දික්ආරාව කදුවැටියේ ෆයිනස් වගා රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්න නිවා දමා අද (14) වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මෙම කදුවැටියේ රක්ෂිත ප්‍රදේශයේ ඇතිවූ ගින්න හේතුවෙන් අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතයි පොලීසිය කියයි.
බණ්ඩාරවෙල පොලීසිය හා දියතලාව යුධ හමුදා කදුවුරේ යුධ හමුදා නිළධාරීන් එක්ව මෙම ගින්න නිවා දමා සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ වටිනා ශාඛ වර්ග රැසක් සහ ඉතා දුර්ලභ වර්ගයේ සත්ව විශේෂ රැසක් ගින්නට අසුවීමෙන් විනාශ වී ඇතයි පරිසරවේදීහු කියති.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම සදහා හෝ විනෝදය සදහා මෙම කදුවැටියට ගිනි තබන්නට ඇතයි පොලීසිය කියයි.


2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දික්ආරාව කඳුවැටියේ ඇති වු ගින්න මුළුමනින්ම නිවා දමයි
lalithm Sunday, 14 June 2020 04:11 AM
ඔවුන් අල්ලලා නීතිය ඉදිරියට ගෙන්නන්න බැරිද? තිරිසනුන්ටවත් ඉන්න නොදෙන අධමයින්...