IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දංඕවට රබර් කාර්මාන්ත ශාලාවක ගින්නක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ - මහනුවර  මාර්ගයට නුදුරුව දංඕවිට ප්‍රදේශයේ පවත්වාගෙන යන රබර් කර්මාන්ත ශාලාවක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුව ඇතැයි දංඕවිට පොලිසිය කියයි .

ගින්න ඉතා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවත් රාත්‍රී 7 .30 පමණ වන විට එක් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම ගින්නට විනාශ වී තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා විදුලිය විසන්ධි කිරීමට ද පොලිසිය කටයුතු කරනු ලැබීය.

ගින්න පැතිර යාම වලක්වා ගැනීම සඳහා පොලීසිය ප්‍රදේශවාසීන් සමග කටයුතු කරමින් පැවති අතර ගිනි නිවන හමුදාව කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබිණි .

මෙම කම්හලේ ගොඩගසා ඇති රබර් හේතුවෙන් මෙම ගින්න ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බව ද පොලිසිය සඳහන් කළේය.

කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදු වී ඇත්දැයි රාත්‍රී හතයි තිහ වන විට පොලිසියට වාර්තා වී නොතිබූනි.

දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වීරවර්ධන මහතා ගේ මෙහෙයුම යටතේ පොලිස් කණ්ඩායමක් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබිණි.



අදහස් (1)

දංඕවට රබර් කාර්මාන්ත ශාලාවක ගින්නක්

ව්ක්‍රමපාල Monday, 08 May 2023 05:05 PM

ඕක ඉතින් දෙවැනි සිල්පදය සම්බන්ධ දෙයක්ම වෙන්න පුළුවන්. බොහෝවිට රබර් කර්මාන්තශාලා ගින්නට ගොදුරු වෙන්නේ දෙවැනි සිල්පදය කඩපු නිසා තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site