(අංජුල මහික වීරරත්න)
තේ පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට තේ සඳහා භාවිතා කරන පොහොර මිටියක මිල රුපියල් 12000 සිට රුපියල් 14000 දක්වා වන නිසා බොහෝ වගාකරුවන් තේ වගාවට පොහොර යොදන්නේ නැතැයි ද අමාත්‍යවරයා කීය .
ගාල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් පසු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගාල්ල නගර ශාලාවේදී මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර ඊට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.
තේ පෝර වැඩි වීම නිසා තේ අක්කරයකින් වරකට නෙලා ගන්නා දළු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 216 දකවා අඩු වී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම මගින් තේ පොහොර මිටිය රුපියල් 8500 කට දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ පෝර 8500ට බස්සයි
ලසන්ත Friday, 12 January 2024 05:32 PM
අපේ කුඩා ඉඩම්වලින් ලැබෙන අස්වැන්න ගැන තක්සේරුවක් කිරීමට අක්කරයකින් වරකට කියන්නේ කොපමණ කාලයක්ද කියලා කියන්න..
ගමේ එකාලා Friday, 12 January 2024 06:03 PM
කෙරුවාව කෙසේ වෙතත් කයිවාරුව නම් තියෙනවා. බලමුකෝ බස්සන විදිය...?
ගුණසිංහ Saturday, 13 January 2024 09:41 AM
මිල අඩුවෙනකොට තත්වය බාලවෙනවා කියලා තමයි වගාකරුවන් කියන්නේ... අපි අත්දැකීම් ලබාගෙන තියෙන්නේ... එහෙම තමයි... එනිසා ඔය පොහොර මිල අඩුකර දෙනවා... වගේම රොක් පෝස්පේට් වෙනුවට මිශ්‍ර කරන වැලි හෝ පස් ප්‍රමාණය අඩුකර රසායනික ද්‍රව්‍ය දෙනවා නම් හොඳයි..!