(අංජුල මහික වීරරත්න)
මෙරට තැපැල් සේවාවේ අනාගත නව්‍යකරණයට රුපියල් මිලියන 2085ක මුදලක් මෙම වර්ෂයේ වෙන්කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ගාල්ල බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
යෝජිත බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 12.22 කි. මෙම වර්ෂය නිමවීමට පෙර මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.
දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන බලපිටිය තැපැල් කාර්යාලය මේවන තෙක් විවිධ ස්ථාන වල කුලී පදනම මත පවත්වාගෙන යනු ලැබීය. වර්තමානය වනවිට පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාලයක් වන බලපිටිය තැපැල් කාර්යාලයෙන් සෘජුවම සේවය සැලසෙන පවුල් සංඛ්‍යාව 5520 කි. රජයේ ආයතන 48 කට සහ හෝටල්, කර්මාන්ත ශාලා ඇතුළු ආයතන රැසකට මෙම තැපැල් කාර්යාලය මගින් සේවය සලසනු ලබයි. මේවන විට ගාල්ල දිස්ත්‍රික්කය තුළ තැපැල් කාර්යාල 40 ක් ස්ථාපනය කර ඇති අතර උප තැපැල් කාර්යාල ගණන 215 කි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තැපෑල මොඩ් කරන්න මිලියන 2085ක්
ගුණරත්න Saturday, 13 September 2025 06:32 PM
ගඟට ඉණි කැපුවා වගේ තමයි...