
තායිලන්තය සහ කාම්බෝජය, තම දේශසීමා වල සති ගණනාවක් තිස්සේ පැවති දරුණු සටන් අවසන් කිරීම සඳහා සටන් විරාම ගිවිසුමකට අද (27) දින අත්සන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සටන් විරාමය දේශීය වේලාවෙන් අද දහවල් (GMT 05:00) සිට ක්‍රියාත්මක වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය පවසයි.
තායි ආරක්ෂක අමාත්‍ය නතාෆොන් නාර්ක්ෆනිට් සහ කාම්බෝජ ආරක්ෂක අමාත්‍ය ටී සෙයිහා මෙම ගිවිසුමට අත්සන් කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම ඒකාබද්ධ ප්‍රකාශය අත්සන් කිරීමෙන් පසු දෙපාර්ශ්වයම වහාම සටන් විරාමයකට එකඟ වෙති," යනුවෙන් තායි සහ කාම්බෝජ ආරක්ෂක අමාත්‍යවරු සෙනසුරාදා (27) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගිවිසුමට අනුව සටන් විරාමය පැය 72ක් සම්පූර්ණයෙන්ම පවත්වා ගතහොත්, ජූලි මාසයේ ගැටුම්වලින් පසු තම අත්අඩංගුවේ පසුවන කාම්බෝජ සොල්දාදුවන් 18 දෙනෙකු තායිලන්තය ආපසු ලබා දෙන බවද මෙම නිවේදනයේ සඳහන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
මෙම ගිවිසුම දින 20 ක සටන් අවසන් කළ අතර, එය වසර ගණනාවකින් අග්නිදිග ආසියානු අසල්වැසියන් දෙදෙනා අතර ඇති වූ නරකම සටන බවද වාර්තා වේ.
එම ගැටුම්වලින් දෙරටේම පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් මිලියන භාගයකට වැඩි පිරිසක් අවතැන් වු බවද වාර්තා වේ.
අන්තර්ජාලය ඇසුරෙන්
(හසිනි නවෝද්‍යා)
2025 දෙසැම්බර් මස 18
591
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිලන්තය - කාම්බෝජය සටන් විරාමයකට