IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ත්‍රස්ත පනත ඉරා දාන කෙටුම්පත අද හෙටම මැති සබයට

(සුජිත් හේවාජුලිගේ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත එන සතියේදී සකස් කර අවසන් කෙරෙනු ඇතැයි අධිකරණ සහ  ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා  ලංකාදීපයට පැවසීය.

එම පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම ජාතික ජන බලවේගය  ජනතාවට  දුන් මැතිවරණ පොරොන්දුවකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවේ අඛණ්ඩව භාවිත කිරීම පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින යුරෝපා සංගමය (EU) ඉකුත්දා  ප්‍රකාශ කළේය.

මෙම පනත මෙම මාසයේදී  අහෝසි කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාද ඉකුත්දා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට අධිකරණ අමාත්‍යවරයා විසින් විශේෂ කමිටුවක්ද පත් කෙරුණු අතර එම කමිටුවේ වාර්තාවද  රජයට ලැබී ඇත.



අදහස් (2)

ත්‍රස්ත පනත ඉරා දාන කෙටුම්පත අද හෙටම මැති සබයට

පන්සිලු Saturday, 13 September 2025 04:00 PM

කොටි ඩයස්පෝරාවේ ශාතිෂය සතුට. එකඟ වූ පරිදි ක්‍රියාත්මක කිරීම ඉතා අඟනේය.

:       10       7

Asela Saturday, 13 September 2025 04:54 PM

මේ පනත් කෙටුම්පත අවලංගු කළොත්, ජනාධිපතිට සිට සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව අවශ්‍ය ඇයි? ආරක්ෂාව ඉවත් කර වියදම් අඩු කරන්න. වාහනයක යන විට අමතර පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය ඇයි? ඊයේ පෙරේදා විජේරාම හන්දියේදී මම දැක්කා. තවත් නාට්‍යයක් පසුපස තවත් නාට්‍යයක්.

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 318 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site