IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තුෂාර ඉඳුනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලයි

 

 

 

 

 

 

 

 

 

 

 

(අංජුල මහික වීරරත්න)

මුළු ලංකාවෙන්ම 10 වන ස්ථානයට මනාප හිමිකර ගත් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල  දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද 45151ක් ලබා සිව්වෙනි ස්ථානයට පත් තමා පාර්ලිමේන්තුවට තේරී පත් නොවූවද තමා ලබාගත් මනාප ප්‍රමාණය පිළිබඳ සලකා බැලූ කළ සතුටට පත්විය හැකි යැයි ඉඳුනිල් මහතා සඳහන් කරයි.

තමා ලබා සිටින මනාප සංඛ්‍යාව සහ දැනට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා දීමට යෝජනා වී ඇති අනෙක් අය ලබා ඇති මනාප සංඛ්‍යාව සැලකිල්ලට ගන්නැයිද තුෂාර ඉඳුනිල් මහතා ඉල්ලා සිටී.

එමෙන්ම ඉදිරි පළාත් සභා මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිඛිත පොරොන්දුවක් මෙන්ම ඕනෑම කොන්දේසියකට එකඟ වන බවද තුෂාර ඉඳුනිල් මහතා විපක්ෂ නායකවරයාට යැවූ ලිපියේ සඳහන් සඳහන් වේ.

 



අදහස් (8)

තුෂාර ඉඳුනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ඉල්ලයි

සෙනෙවිරත්න Monday, 25 November 2024 02:47 PM

යවන්නම ඕන කෙනෙක් සජිත්ට හොඳ මේ වගේම රජ බඩු තමයි. තමන්ලා සෙට් එක මැතිවරණයේ දී ජාතික ජනබලවේගයට අවලාද නොකියා කළ දේ සහ කළ යුතු දේ කීවා නම් ඔයිට වඩා ගන්න තිබුණා.

:       6       36

sanga Monday, 25 November 2024 03:24 PM

කට තිබුනට මදි මොළෙත් තියෙන්න ඕන යාළුවා . ඔහෙලා වගේ අයට රනිල්ගෙන් වගේම අනුරගෙනුත් ඉවසීම පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා .

:       2       29

Kamal Koyrala Monday, 25 November 2024 03:35 PM

පළාත් සභාවට යවනවා නම් දැන් මන්ත්‍රීකම මොකටද? සජිත් කවුරුහරි පත්කරයි ... ලකීගෙන් අහලා...

:       2       26

වික්‍රම විදුර Monday, 25 November 2024 04:11 PM

සජි බබා සහ හොරු 40 ට තවමත් ඉල්ලුම්පත් භාරගැනේ... අලි මන්තර කීම අහන ප්‍රශ්නවලට යන්නේ කොහේද මල්ලෙ පොල් උත්තර දීම සුදුසුකම්වේ ..

:       0       12

Venrix Monday, 25 November 2024 04:11 PM

ඔබතුමා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ කෙනෙක්..!

:       29       3

Chinthaka Monday, 25 November 2024 04:39 PM

මේ අවුරුදු 5 ම කුලල් කා ගනිල්ලා, අනේ සජිත්ටම හරියන සෙට් එක...!

:       2       20

ගමේ එකාලා Monday, 25 November 2024 10:36 PM

ජාතික ලැයිස්තුවෙන් 4 දෙනෙක් තෝර ගන්න බැරිව දඟලනවා. නම් ටික කොළ කෑළිවල ලියලා තුන්ඩු ඇදලා 4 දෙනෙක් තෝරා ගත්තා නම් මොකද වෙන්නේ...?

:       0       0

WCA Tuesday, 26 November 2024 01:18 AM

ජාතික ලැයිස්තුවක් කියලා එකක් දැම්මේ ඇයි කියලාවත් දන්නේ නැති උන්දැලා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site