IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’තව්තිසාවේ’’ ඇත්ත තතු පාඨලී හෙලි කරයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නෙළුම් කුළුණට ගත් ණය ගෙවන්නට නම් දිනකට එම කුළුනෙන් ඩොලර් 41000 ක් හෙවත් රුපියල්  එක්කෝටි පනස් ලක්ෂයක් ඉපැයිය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

"තව්තිසාවේ" ඇත්ත තත්ත්වය මෙය බව කී චම්පික රණවක මහතා නෙළුම් කුළුණෙන් දිනකට රුපියල් මිලියන තුනක් සෙව්වා යැයි සතුටු විය නොහැකි බව ද සඳහන් කළේය.

නෙළුම් කුලුන ඉදිකිරීමට ඩොලර් මිලියන 104ක් වැය වී තිබෙන බව කී මන්ත්‍රීවරයා  ඉඩමේ සිටි දුගී පැල්පත්වාසීන්ට ගෙවල් දෙන්න එක  පවුලට මිලියන 4.5 ගානේ වැය වූ බව සඳහන් කළේය. කුළුණේ පොළිය,රක්ෂණ ගාස්තු සහ අනෙක් වියදම් එකතු කළ විට තවත් ඩොලර් මිලියන 56ක් ඊළඟ අවුරුදු පහේ දී ගෙවිය යුතු බවද චම්පික රණවක මහතා පැවසීය.

ආදායම් තියෙන රටක් නම් මෙවැනි දේ සඳහා වියදම් කළාට ප්‍රශ්නයක් නැති බව කී චම්පික රණවක මහතා බංකොලොත් රටකට මේවා ගැලපෙන වැඩ නොවේ යැයි ද කීය.

පිටතින් ලස්සනට පෙනෙන මෙවැනි ව්‍යාපෘති වල පසුපස මහා කරුම  කතාවක් සැඟවී තිබෙන  බවත්  ශ්‍රී ලංකාවට උරුම වී ඇති බංකොලොත්භාවය ද එම කරුම කතාවේ සැඟවී ඇති බවත් සඳහන් කළේය.

අවසානයේ මේ හැම කරුමයකම බර දරන්නට සිදුවන්නේ රටේ දුප්පත් අහිංසක ජනතාවට බව ද පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්  චම්පික රණවක මහතා සඳහන් කළේය.



අදහස් (15)

’’තව්තිසාවේ’’ ඇත්ත තතු පාඨලී හෙලි කරයි

අගුපිලගේ Sunday, 25 September 2022 10:44 AM

මිනිස්සුන්ට මහින්ද මහත්තයා ගත්තු ණයේ තරම තේරුම් ගන්න මහින්ද ණය මුදල් බේරීමේ අරමුදල කියලා ගිණුමක් ඇතිකර රටේ සියලු දෙනාගෙන්ම බදු මුදලක් අයකරන්න ඕන විශේෂයෙන් මහින්ද මහත්තයාට පිං දිදී තව්තිසාවට ගිය අයගෙන් අයකරන්නම ඕනෑ... රට මෙතරම් ප්‍රපාතයකට වැටීමට හේතු වුණු ණය ගැන හොඳ ටෙලි නාට්‍යයක් හදලා ජනතාව දැනුවත් කරන්න ඕනෑ.

:       15       53

abSunday, 25 September 2022 08:05 PM

නෙළුම් කුළුණ වසා තැබීමෙන් ඵලක් නොමැත. එම කුළුණ සෑදීමට පෙර වියදම පිළිබඳව කතාකළ යුතු වුවත් සියල්ල අවසන් වීමෙන් පසු ඒ පිළිබඳව කතා කිරීමෙන් ඵලක් නොමැත. නෙලුම් කුළුණ මෙන් තවත් දේශපාලකයින් මැදිහත්වීම් විසින් මුදල් ඉපැයීම වෙනුවෙන් ඉදිකරන ලද බොහෝ අනවශ්‍ය ව්‍යාපෘති රට තුළ තිබේ. නෙළුම් කුළුණ වසා තැබීමෙන් ඵලක් නොමැත. මුදල් උපයන ආයෝජනයක් බවට පත්කළ යුතුවේ.

:       4       15

podi mole Sunday, 25 September 2022 10:51 AM

එම මුදලින් ලංකාවේ මිනිස්සුන්ගේ රුපියල් වලින් උපයලා වැඩක් නැහැ. උපයන්න ඕනෑ ඩොලර් වලින්. මොකද මේකට ණය වුණේ ඩොලර් වලින්. නැතිනම් රට පිටරටට සදාකාලික ණයයි.

:       7       49

ganegoda Sunday, 25 September 2022 11:14 AM

ඔය කුළුණ හදන්න ගත්තු ණය මුදල්වලින් භාගයක් රාජපක්ෂලාගේ ගිණුම්වලට ගියා. ඉතුරු සුළු මුදලකින් තමයි ඔය නෙළුම් කුළුණ මවා පෑවේ. දැන් ඉතින් ටිකක් ඈතට වෙලා ඕක කඩාවැටෙන හැටි නරඹමු..

:       17       47

යෝගා Sunday, 25 September 2022 11:42 AM

ඔය ගාන හැදුවේ ගල්අඟුරු, කොමිස් පැනමා පේපර් ක්‍රමයට නෙමෙයි නේද?

:       24       33

fairoosSunday, 25 September 2022 01:57 PM

දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න.

:       12       33

podi mole Sunday, 25 September 2022 02:54 PM

ඔයාගේ වලිගෙ කැපුවේ පොඩිකාලෙමද?

:       5       23

Rata Perata Sunday, 25 September 2022 12:28 PM

මේ වගේ විනාශකාරී දේවල් ගැන කරුණු දක්වන කොටත් ඒකට විරුද්ධව කියන්න මෝඩ වහල්ලු ටිකක් තවම රටේ ඉන්නවා..

:       21       35

ඩේමියන් Sunday, 25 September 2022 07:03 PM

මේ අය දන්නේ නෑ.. නෙළුම් කුළුණට ගිය මුදල මේ රටේ දින 12ක ඉන්ධන ආනයන වියදමට සමාන බව... නිකන් මිනිසුන්ව රවට්ටලා රට ගිනි තියනවා...!

:       13       11

මසිරිපාලSunday, 25 September 2022 07:27 PM

දින දොළහක් නොවෙයි, ඇත්තටම අවුරුදු දොළහක ඉන්ධන වියදම කිව්වොත් ටිකක්වත් හරි කියන්න පුළුවන්...!

:       8       13

SUNIL MILANO Sunday, 25 September 2022 08:27 PM

ගල් අඟුරු මගඩිය..., මුහුදු වැලි මගඩිය කොහොමද? මේ මගඩියේ නම් දෙයක් පේන්න හරි තියෙනවා. කාට කියන්නද?

:       0       3

චතුරි Monday, 26 September 2022 12:59 AM

ඔය මුදල් හොයා ගන්න... පහසුම දේ රාජපක්ෂ පවුලේ සැමට නිර්වස්ත්‍රව නෙළුම් කුළුණේ හිටගෙන ඉන්න කියන්න. නොසිතූ ලෙස මුදල් දෝරේ ගලායයි..

:       1       1

W .V.A. Jayaweera Monday, 26 September 2022 10:46 AM

නිකම්ම ඉඳන් නිකම්ම ඉල්ලන් කන්න පුරුදු කරවපු අපේ මිනිස්සුන්ගේ දුප්පත්කම කවදාවත් නැති කරන්න බැහැ. ඔය දේශපාලුවන් ඒකට ඉඩ දෙන්නෙත් නැහැ...

:       0       0

jagath Monday, 26 September 2022 03:00 PM

මේවා තේරුම් කරගන්න අමාරු මානසික ලෙඩ්ඩු ඉන්නවා. ඔවුන්ට අනුව පාඨලී ගල් අඟුරු සොරකම් කර තිබේ. සාමාන්‍ය තර්ක බුද්ධිය තිබේනම් මේවා කෝප් එකේ හෝ ගල් අඟුරු හොරකම් සාකච්ඡා වී තිබිය යුතුයි...

:       1       0

Nathalie Monday, 26 September 2022 03:25 PM

අනුන්ගේ පොල් කෙන්ද බලන පාටලී, තමුන්ගේ පොල් පරාලේ නොපෙනේ... ගල් අඟුරු වලින් ගහපුවා අමතක වෙලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site