IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


තෙල් සමාගම් එක්ව මිල සූත්‍රයක් ගේන්න යයි

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දීය ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එක්ව ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හදුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (19) පස්වරුවේ පැවසීය.

ඉන්දීය ඔයිල් සමාගම එක්ව ඉදිරි සති හතරක පමණ කාලය තුළ වර්තමාන මිලට ඉන්ධන අළෙවි කර ඉන් පසුව ‘මිල සූත්‍රය’ හදුන්වා දෙන බවත් වර්තමාන මිලටම ඉන්ධන අළෙවි කිරීමට එල්.අයි.ඕ.සී. වාචිකව පොරොන්දුවක් ලබාදුන් බවත් අමාත්‍ය විජේසේකර මහතා කීය.

රට තුළ මේ වන විට පවතින ඉන්ධන හිඟයට හේතුව සැපයුමේ ප්‍රශ්නයක් වීම නිසා බවුසර්වලට සැළසුම්සහගතව ඉන්ධන නිකුත් කිරීමෙන් දින හතරක් තුළ තදබදය පාලනය වනු ඇති බවත් කී අමාත්‍යවරයා පැවසුවේ දින කීපයකට ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ ඇති බවත්ය.

ඉදිරි දින කීපයේදී රටට ළගාවීමට නියමිත ඉන්ධන නෞකා පිළිබඳව කටයුතු කිරීමට ඉන් පසුව ප්‍රධාන කාර්ය වන බවත් බූලි සහ කෑන්වලට ඉන්ධන තව දුරටඑත් ලබානොදෙන අතරම ඉන්ධන ප්‍රමාණයේ සීමාව ඉවත්කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.    

බලශක්ති අමාත්‍ය ධූරය භාරගැනීමෙන් පසුව ප්‍රධාන කාර්ය ලෙස මිල වැඩි කිරීමට සිදුවීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව කී අමාත්‍ය විජේසේකර මහතා පීඩනයට පත්වී සිටින ජනතාව ඉන්ධන මිල වැඩි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත්වුවද ඉන්ධනවලින් ලබන පාඩුව අවම කරගැනීමට එම තීරණය ගැනීමට සිදුවූ බව ද සඳහන් කළේය.

පිරිවැයට වඩා අඩු මිලකට ඉන්ධන අළෙවි කිරීම නිසා ඛනිජ තෙල් සංස්ථාව දිනකට රුපියල් මිලියන 1,613 ක පාඩුවක් ලබන බවත් දිනකට පෙට්‍රල් මෙටි්‍රක්ටොන් 4200 ක් සහ ඩීසල් මෙටි්‍රක්ටොන් 6200 ක් සපයමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.

මෙම මිල වැඩි කිරීමෙන් ද තෙල් සංස්ථාව ඉන්ධන වෙනුවෙන් වැයකරන පිරිවැය ආවරණය කරගෙන නොමැති වීම නිසා මේ වන විටත් ඩීසල් ලීටරයකින් රුපියල් 162 කට ආසන්න පාඩුවක් ලබන බව කී අමාත්‍යවරයා සඳහන් කළේ භූමිතෙල් ලීටරයකින් රුපියල් 217 ක පාඩුවක් ලැබූව ද භූමිතෙල් මිල ඉහළ නොදැමූ බවත්ය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා බලශක්ති අමාත්‍යංශයේ අද (19) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. 



අදහස් (1)

තෙල් සමාගම් එක්ව මිල සූත්‍රයක් ගේන්න යයි

Lalith M Wednesday, 20 April 2022 06:50 AM

අවසාන ප්‍රතිඵලය සිපෙට්කෝ ඉන්දියාවට විකිණීම... ඕකේ සේවක රැල හැසිරුනේ රටේ පාලකයින් වගේ. හිතුණු වෙලාවට වර්ජන කරා පඩිවැඩි කරගන්න. වෘත්තීය සමිති කාරයින් මහරජවරු වගේ. දැන්වත් අවබෝධ වෙන්න ඕනෑ ආයතන විනාශ කරන්නේ සේවක රැල සහ රජය එකතුව කියලා. රාජ්‍ය ආයතන වෙළඳාමට අනවශ්‍යයයි. ඒක රටට බරක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 279 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 806 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1220 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site