(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලිහිසි තෙල් සහ ග්‍රීස් පටවාගෙන පැමිණෙමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මිටර් 5 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි.
සිදුවූ අනතුරින් රියදුරු සහ සහායකයකු සුළු තුවාල ලබා ඇත.
සිදු වූ අනතුරක් සමගම ලොරිය තුළ පටවා තිබූ ලේසියි තෙල් අඩංගු ප්ලාස්ටික් කෑන් මාර්ගය පුරා විසිරී ගිය බව පොලිසිය සඳහන් කරයි.
ලොරිය කඩවත පිවිසුමෙන් ඇතුළත්ව බන්ඩාරගම ගැලනිගම පිවිසුමෙන් පිටවීම සඳහා පැමිණෙමින් සිටියදී ලොරියේ වම්පස ටයරයේ හුළං යාමයේ හේතුවෙන් ලොරිය රියදුරු පාලනයෙන් ගිලිහී මැද ආරක්ෂක වැට මතට ගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
ඒ සමගම ලොරිය දකුණු පසට බරවී ලොරියේ පිටුපස දකුණු පස කොටසට තෙල් අඩංගු බැරල් බර වීම හේතුවෙන් එම කොටසත් සමගම තෙල් බැරල් සහ ප්ලාස්ටික් භූලි අධිවේගී මාර්ගයේ පතිත වී ඇතැයි පොලිසිය කියයි.
සිදු වූ අනතුරින් ලොරියට සහ අධිවේගී මාර්ගය මැද ආරක්ෂිත වැටට අලාභානි සිදු වි තිබේ.
අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ මාතර දෙසට අනතුර සිදු වූ ස්ථානයේ සිට මීටර් කිහිපයක් ඈතට කඩවත දෙසට වසා දමා එක් මංතීරුවක පමණක් වාහන ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු කෙරිණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
තෙල් ලොරිය අධිවෙිගියේ පෙරැළෙයි
Perera Sunday, 23 July 2023 12:46 PM
අධිවේගී මාර්ගවල කැන්වස් පෑදුණු ටයර්වලින් දුවනකොට ටයර් පුපුරලා ඔය වගේ අනතුරු වෙන එක පුදුමයක් නෙවෙයි.