IMG-LOGO

තෙල් බවුසරයට ගිනි තිබ්බා නම් අද රඹුක්කනක් නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රඹුක්කන උද්ඝෝෂණකරුවන් ඉන්ධන ලීටර් 33,000 ක් සහිත බවුසරයක් ගිනි තැබීමට සුදානම් වු අවස්ථාවේදී පොලීසිය තමන්ට  ඇති බලතල අනුව එය නැවැත්වීමට කටයුතු කළ බවත් තෙල්  බවුසරයට ගිනි තිබ්බේ   නම් අද රඹුක්කනක් නැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන්  ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක්  පවත්වන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු සඳහන් කළේ‍ය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.



අදහස් (23)

තෙල් බවුසරයට ගිනි තිබ්බා නම් අද රඹුක්කනක් නෑ

pradeep Wednesday, 20 April 2022 12:43 PM

බොරු ඇදබාන්න එපා, ඔක්කොම වීඩියෝවල තියෙන පරණ තැටි දැන් හරියන්නේ නැහැ. මිනිස්සු කළේ ගින්දර නිවපු එක.

:       8       97

vineetha Wednesday, 20 April 2022 12:45 PM

"මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා"! ලංකාවේ මිනිස්සු මෙතරම් අවාසනාවන්තයිද?

:       3       83

Nandana Wednesday, 20 April 2022 12:52 PM

රඹුක්කන තියා අපිට රටක්වත් තියෙනවද?

:       2       78

සෙනෙවිරත්න Wednesday, 20 April 2022 12:58 PM

ඒ ගිනිතිබ්බා නම්නේ... එහෙම දෙයක් වුනේ නැහැ. ගිනි තිබ්බා නම් පොලිසිය තමයි. ඒක අතේ රෝලක්. කඳ බඩ විතරක් තියෙන මේ වගේ කෙනෙකුට දෙන්න හොඳ ඇමතිකමක්ද මේ දීලා තියෙන්නේ?

:       4       79

මොට්ටපාල Wednesday, 20 April 2022 01:08 PM

මේ ඔයා හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න ඔක්කෝමලා පොහොට්ටු කාරයින් කියලාද? පොහොට්ටු කාරයින් හැර වෙනත් කිසිවෙක් තෙල් බව්සරයකට ගිනි තියන්නේම නැහැ.. ගිනි තියන්න සූදානම් වෙලා හිටියා කියන්නේ ඒක සැලසුමක් නිසා නේද?

:       3       74

දාස Wednesday, 20 April 2022 01:25 PM

කට ඇරියොත් බොරු කියන කෙනෙක් දැන් තවත් බොරු කියනවා. බවුසරේ ගිනිතියන්න මිනිස්සු ලෑස්ති වුණා කියලා. ඔහේට වඩා උද්ඝෝෂකයින්ට මොලේ තියෙනවා. ඔය කථාවත් තමුන්නැහේ කප්පන් ඉල්ලන්න සුද්ද සිංහලෙන් කරපු කථාව වගේ, හැබැයි කොල්ලො කප්පම් කථාව නම් යස අගේට රෙකෝඩ් වෙලා තියෙනවා.

:       2       62

dilum Wednesday, 20 April 2022 01:26 PM

එහෙමයි කියලා මිනිස්සු මරන්න පුළුවන්ද?

:       4       41

sam Wednesday, 20 April 2022 01:27 PM

හොයලා බලන්න මෙයාද මේ විනාසෙ කළේ කියලා... ඇඟ තිබ්බට මොලේ නෑ.

:       1       48

Sunil Wednesday, 20 April 2022 01:28 PM

විකාර. උද්ඝෝෂකයින් එවැන්නක් කරන්නක් කරන්න සූදානම් වූ බවට සාක්ෂි කිසිවක් නෑ. මේක තනිකරම කුහක ක්‍රියාවක්.

:       2       57

Shan Wednesday, 20 April 2022 01:38 PM

මෙන්න තවත් රාජපක්ෂලාගේ කෙනෙක්... කුජීතයි.

:       2       46

Ananda Wednesday, 20 April 2022 01:38 PM

බොරු කියන්න එපා..

:       1       42

Dharmatileke Wednesday, 20 April 2022 01:48 PM

මේ පොහොට්ටුවන්ගේ මෝඩ කතා. ගිනිතියනවනම් ඔච්චර බලන් ඉන්නේ නැහැ.

:       2       41

ravin Wednesday, 20 April 2022 01:49 PM

ඔතන කියන බොරු එළියෙදි නම් කියන්න එපා. මුහුද මැද්දට ගිහිල්ලා කියන්න. මිනිස්සු රවට්ටපු කාලෙඉවරයි. යන්තම් අට පාස් කෙනෙක් තමයි මේ කියන්නේ.

:       2       41

Ranjith Wednesday, 20 April 2022 01:50 PM

මෙයාව මහජන ආරක්ෂක ඇමැති කලේ මේකටම නේද?

:       2       38

duplicate Ralahami Wednesday, 20 April 2022 01:52 PM

මුට්ටියක් දාන්න ගියේ නැද්ද? දැන්ම ගියොත් මහජනයා අනුකම්පාවත් කරාවිද?

:       2       36

sharm warn Wednesday, 20 April 2022 01:57 PM

රාජ්‍ය දේපළ ගිනිතියලා ඒ වැරැද්ද උද්ඝෝෂකයින්ගේ පිටින් යවන්න හදන්නේ කියලා වීඩියෝ වලින් ඔප්පු වෙලා තියෙන්නේ. අනේ තවත් බේගල් ඇදබාන්න එපා. හරි ආරක්ෂක ඇමැතියෙක්නේ මේ පත්කරලා තියෙන්නේ. රටක් ඉතුරු වුණොත් ලොකු දෙයක්...

:       2       34

fairoos Wednesday, 20 April 2022 01:57 PM

රටට මෙච්චර වෙලත් මේ අය තවමත් ඕකෙම එල්ලිලා ඉන්නවනේ. හෙණ වදිනවා අනිවාර්යයෙන්ම..

:       4       37

swene Wednesday, 20 April 2022 02:19 PM

මහජන ආරක්ෂක ඇමති හැටියට වැඩ බාරගෙන 24 පැයක් යාමට පෙර වැඩ පෙන්නුවා නේද? 'ස' පවරන වැඩ අකුරටම කරන බව පේනවා. අතීත අත් දැකීම එහෙම සලකා බලා ඉතා හොඳ විධියට ඇමතිකම් බාරදී තිබෙනවා

:       3       34

Sk Wednesday, 20 April 2022 03:06 PM

බොරු කියන්න තවත් කෙනෙක් ඇවිත්...

:       0       19

S.H. Sanath Wednesday, 20 April 2022 03:12 PM

මෙහෙමත් මෝඩ මිනිස්සු. ලීටර් 33,000 තෙල් බවුසරයක් පිපිරිලා මුළු ගමක් අලුවෙයිද? ඇයි ගිනි නිවන උපකරණ මුළු රඹුක්කනටම නැද්ද? කරපු වරද වහගන්න මෙහෙම කතා කියන එක තමයි වැරැදි...

:       2       19

de silva Wednesday, 20 April 2022 04:42 PM

ජනතාව තෙල් බවුසරයට ගිනි තියන්න යන රූප රාමු තිබේනම් පෙන්වන්න.

:       0       15

Rohana Wednesday, 20 April 2022 04:53 PM

මේ ගිනිතැබීම ආණ්ඩුව පැත්තෙන්ම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියේ කොටසක්...

:       0       14

සරත්චන්ද්‍ර Wednesday, 20 April 2022 06:36 PM

මෙයා හොඳටම අපුල්ලන වැඩේ කරනවා. යකෝ මෙහෙ අය පොට්ටයින්, බීරන් කියලද හිතන්නේ... කමක් නෑ සර් හිතයි නේද හොඳට බැට් කරනවා කියලා. ඔහොම කරගෙන යං....

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1208 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site