IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තෙල් පෝලිම් හැඳුණු හේතුව විගණනය කියයි

(මුදිතා දයානන්ද)

ආර්ථික අර්බුදකාරී තත්වය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව අලෙවි නියෝජිතයන් අතර බෙදාහැරිය යුතුව තිබු ඉන්ධන ලීටර් කෝටි 1.6ක් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම විසින් බෙදා හැර නැති බවද එයින් දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන් නිර්මාණය වූ බවද විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙම කාලවකවානුවේ තවත් ඉන්ධන ලිටර් කෝටි 1.6ක් ප්‍රමුඛතා ලැයිස්තුව නොසළකා හරිමින් බෙදා හැර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව ඉන්ධන බෙදාහැරිමේදි අසමානතා දක්නට ලැබුණ බවද එම වාර්තාවේ සඳහන්වේ.

එම විගණන වාර්තාවට අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 හෝ 95 අලෙවි නියෝජිතයන් 120 දෙනෙකුට ලබාදි  නොතිබු අතර අලෙවි නියෝජිතයෝ 22 අතර බෙදාහැර තිබුනේ ලංකා පෙට්‍රල් ලීටර් 6600ක් පමණි.

එහෙත් බෙදුම්කරුවන් 08 දෙනෙකු අතර ඉන්ධන ලීටර් 210,000ක් බෙදාහැර ඇත.

ලංකා ඔටෝ ඩීසල් අලෙවි නියෝජිතයෝ 73 දෙනකුට ඩිසල් කිසිවක් ලබාදි නොතිබු අතර අලෙවි නියෝජිතයෝ අට දෙනෙකු අතර බෙදාහැර තිබුණේ ලීටර් 6ල600ක් පමණිග එහෙත් අලෙවි නියෝජිතයෝ ලීටර් 2,00,000කට වැඩි ප්‍රමාණයක් බෙදාහැර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමණාකාරිත්වය සඳහන් කරන්නේ එවැනි තත්වයක් පැවති බව පිළිගන්නා අතර එය අදාල අලෙවි නියෝජිතයන්ගෙන් මුදල් නොලැබීමල ඇණවුම් නොලැබීම ආදී කාරණා නිසා සිදුව ඇති බවය.

එසේම ඇතැම් බෙදුම්කරුවනට වැඩි ඇණවුම් ප්‍රමාණයක් ලැබී තිබුණ බවද සමා ජඅසහනය දුරලීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තම ආයතනය කටයුතු කළ බවද ගැටලුව නිවැරදි කිරිමට කටයුතු කළ බවද ඔවුන් සඳහන් කර තිබේ.

මෙම තොරතුරු ඇතුළත් වන්නේ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ 2021 වසරේ දෙසැම්බර් 31 දිනට අදාල විගණන වාර්තාවේය.



අදහස් (2)

තෙල් පෝලිම් හැඳුණු හේතුව විගණනය කියයි

SUNIL MILANO Wednesday, 03 May 2023 01:55 PM

තෙල් පෝලිම් විතරක් නෙවෙයි. ගෑස් ලිප් පිපිරවීම්... මෙයද මෙයද ජෙප්පන්ගේ, එන්.ජී.ඕ. කාරයින්ගේ කඩාකප්පල් වැඩ..? නමුත් කණගාටුවට කරුණ නම් මේ කාලකණ්ණින් අපතයින් තවමත් කටමැත දොඩවමින්... නිදැල්ලේ සිටීමයි.

:       6       16

බයි මිලානෝ Wednesday, 03 May 2023 03:47 PM

ඒක විතරක් නෙමෙයි, කලකට ඉහතදී කෝප් කමිටුවේදී එළි වුණා අර්බුද කාලයේ ඉන්දියාවෙන් ගැස් මිලදී ගන්න ඩොලර් මිලියන 60ක ආධාරයක් ලබාදී තිබුණත්, එවකට හිටපු මුදල් ඇමැති බැසිල් එය මාස 6ක් පමණ යනකම් ලබා නොගෙන මිනිසුන්ව ගෑස් පෝලිම්වල දුක්විඳින්න ඉඩහැරලා තිබ්බා කියලා... එහෙම මිනිස්සු ටිකක් තමයි අපහු මේ නැගිටින්න හදන්නේ...

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site