(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන හිගය හේතුවෙන් අද (25) දිනයේ අන්තර් පළාත් ඇතුලු පෞද්ගලික බස් රථ ධාවනය විශාල ලෙස අඩුවූ අතර මේ හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූහ.
මේ හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3000ක් පමණ දෛනිකව ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200ක් පමණ තිබුණත් අද (25)දිනයේ ධාවනය වූයේ 300 ක පමණ ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කළේය.
ලංගම ඩිපෝ මගින් ඩීසල් ලබා දෙන බව රජය ප්‍රකාශ කලත් එම වැඩ පිළිවෙල සාර්ථක නොවන බවත් හෙතෙම පැවසීය.
අන්තර් පලාත් බස් රථ සඳහා ඩීසල් ලබාදීමට රජය මේ සතිය තුළ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් සියලුම බස් රථ ධාවනයෙන් ඉවත් කර ගන්නා බවත් ඔහු තවදුරටත් කීවේය.
ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු පිට පලාත් බස් රථ සේවා වලට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
කෙසේ වෙතත් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ඊයේ දිනේ වැඩි ප්‍රමුඛතාවයක් ලබා දුන් බවත් විජේරත්න මහතා කීවේය.
ඉන්ධන ලැබෙන පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනයේ ධාවනය වූයේ බස්රථ 5000 කටත් අඩු සංඛ්‍යාවක් බවත් ඔහු තවදුරටත් කීවේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තෙල් නොලැබුනොත් අන්තර් පළාත් බස් ධාවනයෙන් ඉවත් වෙනවා