IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


තෙල් ගන්න ඇවිත් හමුදාව හා ගැටෙයි

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

කිලිනොච්චිය,විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක් අසළ ඇති වු නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට යුද හමුදාව අහසට වෙඩි තබා ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිසක් හා යුද හමුදා සාමාජිකයන් පිරිසක් අතර එලෙස නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබිණ.

ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයකු යුද හමුදා රාජකාරියට බාධා කරමින් හැසිරුණ සිදුවීමක් මුල් කර ගනිමින් නොසන්සුන්තාවය හටගෙන ඇති බව ප්‍රදේශවාසීන් පැවසීය.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේ,ඉන්ධන පිරවුම්හළ අසළ සිටි පිරිස් යුද හමුදා නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් යුද හමුදා නිළධාරීන්ට බෝතල්වලින් පහරදී ඇති අතර, එහිදි නොසන්සුන්තාවය හටගෙන තිබිණ.

සිවිල් වැසියන් විසින් යුද හමුදා සාමාජිකයන් පැමිණි වාහනයකටද පහරදී අලාභහානි සිදුකොට ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය කීය.

තත්වය පාලනය කිරීමට අමතර යුද හමුදා සාමාජිකයන් පිරිසක් කැදවා ඇති අතර, නොසන්සුන්තාවය පාලනය කිරීමට යුද හමුදා නිළධාරීන් අහසට වෙඩි තැබීමක්ද සිදුකොට ඇති බවද පොලිසිය පැවසූහ.

සිද්ධියෙන් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු හා සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබු යුධ හමුදා සාමාජිකයන් කිලිනොච්චිය රෝහලටද,සිවිල් සාමාජිකයින් පොලිස් ආරක්ෂාව යටතේ මාන්චෝලෙයි රෝහලටද යොමුකොට ඇති බවද පොලිසිය පවසයි..



අදහස් (6)

තෙල් ගන්න ඇවිත් හමුදාව හා ගැටෙයි

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 19 June 2022 09:23 AM

අසාර්ථක නායකයෙකු ලෙස යන්න බැහැ කිව්වනේ.. ඔන්න නොකිව්වයි කියන්න එපා යන්න වෙන්නේ අති අසාර්ථක නායකයෙකු හැටියටයි. නායකයා විතරක් නෙමෙයි, පොලිසියත්, හමුදාවත් බලු කරලා තමයි කවදා හරි දවසක යන්නේ. ඒ දේ නම් පැහැදිලියි...

:       13       10

BamunuarachchiSunday, 19 June 2022 03:44 PM

ගොන්පාට් දමන්න එපා හලෝ.. පොලිසියට හමුදාවට නියම බලතල දීලා තමයි රතුපස්වල කෙනෙක් මැරිලා මිනීමරු ආණ්ඩුව කිව්වේ. මතකයිනේ? ඒ නිසා ජනතාව එකතුවෙලා උද්ඝෝෂකයින්ට ගහන්න. ඉන්ධන නැතිනම් නැහැ. ඔය උද්ඝෝෂණය කරන්නේ ඉන්ධන ලබාගෙන වැඩි ගාණට විකුණන අය...

:       8       5

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 19 June 2022 05:00 PM

ගොන්පාට් දාන්නේ ඔයානේ බමුණු ආරච්චි මහත්තයා ... ඇත්ත කතා කරනකොට ගැත්තන්ට බොහොම රිදෙනවා. ඒ වුණාට අසාර්ථත නායකයා අති අසාර්ථක වෙලා, තවත් බලුවෙලා... පොලීසිය හා හමුදාව බලුකරලා යන හැටි ඔයාට හොඳට බලාගන්න පුළුවන්. එය ඔයාට තේරුණේ නැති වුණාට, ඕනෑම පොඩි ළමයෙකුට හෝ තේරෙනවා. ලැජ්ජයි, බමුණු ලැජ්ජයි...!

:       4       8

ජගත් ලියනගේ Sunday, 19 June 2022 10:37 AM

ආපහු පාරක් ජාති ආලය පටන් ගන්න හදනවා වත්ද?

:       9       4

Bamunuarachchi Sunday, 19 June 2022 03:39 PM

පොලිසියේ ගෞරවය නැතිකරගෙන තිබෙන්නේ හමුදාව තම ගෞරවය නැතිකර ගන්න එපා. යුද සෙබලෙක් හැටියට ක්‍රියා කරන්න...

:       2       4

Rohana Sunday, 19 June 2022 08:31 PM

ආණ්ඩුව අඩුම තරමින් තෙල්, ගෑස් හිඟයකින් තොරව සපයනවා නම් සහ බඩුමිල ඉහළ යාම වළක්වනවා නම් මේ ගහමරා ගැනීම් කිසිවක් ඇතිවෙන්නේ නෑ. ඒකවත් කරන්න බැරි නම් ඉල්ලා අස්වී කළහැකි කෙනෙකුට රට බාර දෙන්න. එතකොට රටම සාමකාමියි....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 218 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 228 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site