IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


තෙල් කෝච්චියට ගසක් කඩා වැටේ

(ප්‍රසාද් රුක්මල්)

කඩිගමුව - ඉහල කෝට්ට දුම්රිය ස්ථාන දුම්රිය මාර්ගයේ දී  ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මතට ඊයේ (11) රාත්‍රි විශාල මාරගසක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

රබුක්කන සිට මහනුවර බලා ඉන්ධන ප්‍රවාහනය කළ මෙම දුම්රියේ ඉන්ධන ටැංකියක් මතට දුම්රිය මාර්ගය අසල පිහිටි විශාල මාරගසක් එක්වරම  කඩා වැටී ඇති බවත් එහි ප්‍රකාශයෙක් පැවසීය .

මේ නිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයේත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය කඩුගන්නාව දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .

ඉන්ධන ප්‍රවාහන දුම්රිය මතට කඩා වැටී ඇති විශාල මාර ගස කපා ඉවත් කිරිමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය ප්‍රමාද වීම් සිදු වෙන බවද දුම්රිය පාලක මැදිරිය පවසයි .

 



අදහස් (0)

තෙල් කෝච්චියට ගසක් කඩා වැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site