(නිමල කොඩිතුවක්කු)
පෙට්‍රල් මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා තීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කළේය.
ගාස්තුවේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කළ යුතු බවත් ජයරුක් මහතා පැවසීය.
දැනට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5 ක ප්‍රමාණය දෛනිකව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු සඳහන් කළේය.
රජය ඉන්ධන මිල අඩු කළත් කලු කඩවලින් වැඩි මිලට පෙට්රල් මිල දී ගැනීමට සිදු වන බැවින් තෙල් මිල අඩු කිරීමෙන් තමන්ට ලාභයක් නොවන බවත් සභාපතිවරයා කීවේය.
තමන්ට ලබාදෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කරන්නේ නම් අනිවාර්යයෙන්ම ත්‍රිරෝද රථ ගාස්තු ප්‍රමාණය පහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 120 ක මුදලකුත් එතැන් සිට සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් සියය බැගින් අය කරන බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
274
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල් අඩු වුණත් ත්‍රිරෝද රථ ගාස්තු පහළ නොයයි
Lakmal Monday, 17 October 2022 03:13 PM
ත්‍රී වීලර් මාෆියාවක් වෙලා
Lankaputha Monday, 17 October 2022 03:48 PM
අපි තවදුරටත් ත්‍රිරෝද රථ භාවිතා කරන්නේ නැහැ.
pradeep Monday, 17 October 2022 03:51 PM
බලාගෙන ගියාම දේශපාලනඥයින්ට වඩා හපන්... හූරගෙන කන්නමයි හැම එකාම බලන්නේ...!
casmir Monday, 17 October 2022 05:45 PM
මේක මාෆියාවක්... කිලෝමීටරයකට රුපියල් 300ක් අයකරගන්නවා.
අබිලින් Monday, 17 October 2022 06:31 PM
අපිට මීටර් 800 සඳහා රුපියල් 250ක් අයකරනවා..
Rexi Monday, 17 October 2022 07:16 PM
එහෙම අඩු කරන්න බැරිනම් ත්‍රීවීල් වලට පෙට්‍රල් මිල අඩු නොකළාට කමක් නැහැ. නීතියෙන් තහනම් නැතිනම්...
Roshan Monday, 17 October 2022 08:45 PM
ඔය ත්‍රී රෝද තමයි පෙට්‍රල් මාෆියාවට හේතුව. අමාරුවෙන් හරි බස් එකේම යන්න.
Sellakkara Kolla Tuesday, 18 October 2022 10:32 AM
එහෙනම් ඉතින් එයාලට කලින් තිබුන ගානටම පෙට්‍රල් දෙන්න... වැඩේ ඉවරනේ