IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තල්මස් වමනය සමග අයකු අල්ලයි

(ඉන්දිකා රාමනායක)

තල්මසුන්ගෙන් ලබා ගන්නා මිළ අධික අම්බර් (තල්මස් වමනය) කිලෝ 15 ට ආසන්න ප්‍රමාණයක් පන්නිපිටිය නියදගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබී  අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මේවායේ වටිනාකම රුපියල් කෝටි 05 ට අධික බව විශේෂ කාර්ය බළකාය පවසයි. තල්මසුන්ගෙන් ලබා ගන්නා අම්බර් මිළ අධික බවත්, ඒවා බෝහෝ රටවල මිළ අධික සුවඳ නිශ්පාදනය කිරීම සදහා යොදා ගන්නා බවද විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු (31) හැවිරිදි මීගොඩ පුද්ගලයකු බවත්, ඔහු සහ අම්බර් තොගය වැඩිදුර පරීක්ෂණ සදහා හෝමාගම පොලිසියට බාර දී ඇත.

 



අදහස් (10)

තල්මස් වමනය සමග අයකු අල්ලයි

ලුම්බිණි Friday, 21 April 2023 12:04 PM

මිල වැඩි නිසාද ළඟ තබා ගන්න තහනම් නැත්නම් වෙන හේතුවක්ද?

:       1       47

mangala Friday, 21 April 2023 02:40 PM

එතකොට මේ වමනේ මුහුදේම තියලා එන්න කියලාද කියන්නේ...? මූදු යන මිනිහා ඒක මූදෙන් හොරකම් කරලා නෙවෙයිනේ ගේන්නේ. ඔය දේවල්වලට කරුණාකරලා නියාමනයක් දාන්න. හම්බවෙන මිනිහාට ඕක විකුණාගන්න පුළුවන් වෙන විදියට... පුදුම රටක් මේක...!

:       2       49

රන්මුතුගල Friday, 21 April 2023 03:43 PM

ඒකටත් විදින්න නීති දන්නේ නැතිව ඒක ඒ මනුස්සයට දෙන්න. තල්මසාගෙන් හොරකම් කෙරුවා නෙමෙයි. ඌ දපු වමනේ මුහුදෙදි අරන් තියෙන්නේ. තල්මසාට අයිති කාරයෙක්‌ නැහැනේ. හොරකම් කළා නෙමෙයි නේ...

:       2       26

නිහාල් Friday, 21 April 2023 05:25 PM

මේක මහා පුදුම රටක්... මුහුදේ තිබිලා හම්බවෙන දේත් රජයට අයිතියිද? ඉස්සරහට මුහුදේ මාලුවෙක් අල්ලාගත්තත් stf එකෙන් ඇවිත් අරන් යයි.

:       2       19

Rathna Friday, 21 April 2023 06:24 PM

ඉස්සරහට මුහුදේ මාලුවෙක් අල්ලාගත්තත් stf එකෙන් ඇවිත් අරන් යයි.

:       1       9

මහසෙන් Friday, 21 April 2023 08:04 PM

මුහුදෙ මාළු අල්ලන්නත් තහනම් කළානම් හරි. ඕවාට කියන්නේ ගොන් පාට්...

:       1       10

කබරයා Friday, 21 April 2023 10:14 PM

බීලා වැඩි වුණාම මමත් වමනේ දානවා. ගෙදර එවුන් ඒවා අස්කරන්නෙත් නෑ.... වෙරි හිඳෙනකං බනිනවා. එස්.ටී.එෆ් එවපං. මිල කරන්න ඕනෑ නෑ. නිකම්ම අරන් පලයල්ලා...

:       0       0

chandima Saturday, 22 April 2023 02:05 AM

අන්න වමනෙ ගොඩක් තියෙනවා වැල්ලේ... ඉඹලා බැලුවා නම් අම්බර්ද කියලා...?

:       0       0

chandima Saturday, 22 April 2023 02:06 AM

ඒ මොකද? මිල අධික නම් ඒවා මහ රජ්ජුරුවෝ සතු වස්තුවද?

:       0       0

Lalla Saturday, 22 April 2023 11:39 PM

මොකටද අත්අඩංගුවට ගත්තේ. මොකක්ද වරද කියල නෑ නොවේද? මේ විදියට ගෙදර මුහුදු මාලු තියාගෙන ඉන්නත් බෑනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site