
(ෂේන් සෙනෙවිරත්න, ජේ.ඒ.එල්. ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තෙල්දෙණිය කෙංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට අද අලුයම කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මුරකරුවන් බැඳ දමා එහි තිබූ රුපියල් කෝටි 12ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්යේ ජීප් රථ තුනක් සහ වෑන් රථයක් පැහැර ගෙන ගොස් ඇතැයි තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය කියයි.
කොල්ලකන ලද එම වාහන අතරින් ජිප් රථ දෙකක් වත්තේගම ගරාජයක දී කොටස් කිරීමට සුදානම් කර තිබියදී සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.
වත්තේගම සිරිමල්වත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගරාජයක එම ජීප් රථ සඟවා තිබූ අතර ඒවා කොටස් කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කළ මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත.
ජීප් රථ දෙක පොලිස් බාරයට ගෙන එහි සිටි දෙදෙනකු සහ ගරාජයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය සඳහන් කරයි.
කොල්ලකරුවන් සොයා මහනුවර අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ සුනඛයන් යොදා ඊයේ විශේෂ සෝදිසියක් ද සිදුකළ බව පොලිසිය කියයි.
මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත තෙල්දෙණිය සහ වත්තේගම පොලිසිය ඒකාබද්ධව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල්දෙණියේ මහා වාහන කොල්ලය
Samitha Senaka Aluthgamage. Friday, 30 June 2023 07:17 AM
පොලීසිය මේ හොරකම හා සම්බන්ධ හොරුන් හා වාහන අල්ලා ගැනීමට කටයුතු කිරීම ගැන ස්තුතියි. ඒත් දේශපාලනඥයින් ආරක්ෂාවට පොදි බැඳගෙන ඉන්නා පොලිස් නිලධාරීන් අඩුකොට ඔවුන් රටේ ජනතාවගේ ආරක්ෂාවට යෙදවීමට ටිරාන් අලස් ඇමැතිවරයා හා පොලිස්පතිවරයා දැනගත යුතුයි. රජයේ වාහන එක්දහස් ගණනක් ආගිය අතක් නැහැ කියලා ප්‍රවෘත්ති පලවී ඇති බව දුටුවා. ඒ ගැන ටිරාන් අලස් මහතා හා පොලිස්පතිතුමා ගත් පියවර රටට හෙලිකිරීම වැදගත්...
bandara Friday, 30 June 2023 01:09 PM
මෙච්චර ලොකු මන්කොල්ලයක් කරනවනම් අනිවාර්යෙන්ම පොහොට්ටුවට සම්බන්දයක් ඇති මේ මන්කොල්ලය කරපු කෙනා
නිහාල් Friday, 30 June 2023 01:47 PM
මංකොල්ල නම් පොහොට්ටු.. පොහොට්ටු නම් මංකොල්ල...