IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


තරුණියට කැත වැඩක් කළ පීසී සොයයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )

මව ඉදිරිපිටදී 26 හැවිරිදි ආබාධිත දියණිය නිරුවත් කර ඇයට ලිංගික අතවරයක් කර පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට කොස්ගම පොලිසිය පරීක්ෂණ  පත්වා ගෙන යයි .

අත්අඩංගුවට ගැනීමට සොයන පොලිස් කොස්තාපල්  කෙසෙල් වත්ත පොලිසියට අනුයුක්තව කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන අයෙකි.

මෙම කොස්තාපල්වරයාගේ රෝගී මව රැක බලා ගනිමින් මෙම තරුණිය සහ ඇයගේ මව වසර දෙකක කාලයක් තිස්සේ සිට කොස්තාපල්වරයාගේ නිවසේ ගත කරන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද(21) පැවසීය .

මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පසුම්බියේ තිබූ රුපියල් 10,000ක මුදලක් නැති වූ බව කියමින් මෙම මව හා දියණිය කාමරයකට කැඳවා ගෙන ඇති බව  පොලිසිය සඳහන් කරයි.

මෙම තරුණියට විවාහ  යෝජනාවක් අවස්ථාවේ ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කර  ඇතැයිද  පොලිසිය පවසයි .

විවාහ යෝජනාව තරුණිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇයට පහර දී මව ඉදිරිපිටදීම නිරුවත් කර ලිංගික අතවරයක් සිදු කර ඇති බවට එම තරුණිය  පෙරේදා කොස්ගම පොලිසියට පැමිණිල්ලක් කළේ යැයි උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම තරුණිය කළ පැමිණිල්ලේ මෙම තොරතුරු සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

තරුණිය මෙම පැමිණිල්ල කිරීමට කලින් දිනයේ පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පසුම්බිය තිබූ රුපියල් 10,000ක මුදලක් නැති වී ඇති බවට කොස්ගම පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන 26 හැවිරිදි ආබාධිත තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව පොලිසිය කියයි.

කොස්ගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි .

 



අදහස් (1)

තරුණියට කැත වැඩක් කළ පීසී සොයයි

Bunny Preena Monday, 22 May 2023 09:31 AM

පොලිස් නිලදාරියා සැලසුම් සහගතව මෙම ක්‍රියාව කරල තියෙනවා වගෙයි පෙනෙන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගිනි අවි,උණ්ඩ,කුඩු සමග හතරක් සැකපිට
2024 මැයි මස 05 10 0

ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙ


මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 295 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 855 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 900 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබු නව වැනි ශ්‍රේණියේ සිසුවෙකු වතුපිටිවල මුලික රෝහලට ඇතුලු කර ඇතැය


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 1558 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


වීසා
2024 මැයි මස 05 8 0

වීසා නිකුත් කිරීමට අදාලව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්.එස් වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site