IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ත්‍රස්තවාදය මෙන්ම මළ මිනී මතින් නැගෙන දේශපාලනයත් තුරන් කළ යුතුයි

( අංජුල මහික වීරරත්න )

ත්‍රස්තවාදය සේම  මළ මිනී මතින් ගොඩ  නගන්නට  හදන දේශපාලනයද පරාජය කළ යුතු යැයි  එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  මාධ්‍ය හමුවකදී පැවසීය.
 

ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වී හත් දවසේ  දානය දෙන්නටත් පෙර ජනාධිපතිවරණයට එන බව ගෝඨාභය රාජපක්ෂ  මහතා කළ ප්‍රකාශයෙන්ම  ඔවුන්ගේ දේශපාලනය කුමක්දැයි තේරුම් ගැනීමට හැකි බවත් කී අමාත්‍යවරයා අන්තවාදී  ත්‍රස්තවාදය  හිඟන්නාගේ තුවාලය නොකර නිදහස් රටක් සැක බිය නැති වාතාවරණයක් නිර්මාණය කරන බවද කීය.
 
 කොළඹ අරලියගහ මැඳුරේදී  පැවැති මෙම මාධ්‍ය හමුවට පක්ෂයේ සභාපති මහාමාර්ග  සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතාද සහභාගී විය.

(ලහිරු හර්ෂණ -ඡායාරූපය)



අදහස් (1)

ත්‍රස්තවාදය මෙන්ම මළ මිනී මතින් නැගෙන දේශපාලනයත් තුරන් කළ යුතුයි

thilakasiri Thursday, 30 May 2019 07:44 AM

21 දා පාස්කු ඉරිදා සිද්වු ව්‍යසනයට පාදක වූ හේතු සෙවීම,එවැනි සිදුවීමක් නැවත නොසිදුවීමට ගතයුතු පිවරයන් විමසා බැලීම හා ඒ පියවරයන් ගැනීම, ජනපති, අගමැති, පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුදෙනා, උසාවි පොලිසි හමුදා වල ක්‍රියාකාරීන්, රජයේ ආයතන සහ රටේ සියලු ජනකොටස් යනාදියෙහි වගකීමකි. රටරවටමින්, හොද මුහුණ පෙන්වමින් ආත්මාර්ථකාමී යටි අරමුණු මුදුන්පමුනුවාගනීමට ඉහත සදහන් වගකිවයුතු පිරිස රුකඩමෙන් නටවමින් සමහරුන් මෙවැනි ව්‍යසනයන් තම වාසියට හරවා ගැනීමට දරණ ප්‍රයත්නය හා මෙවැනි ව්‍යසනයන් ඇතිකිරීමට දරණ ප්‍රයත්නයද නිසා සියල්ල අවුල් ජාලයක් බවට පත්වීමට පෙර නිසි කාලය තුලදී කළයුත්ත කළයුතුමය. නමුත් යමක් වීමට පෙර එය වලක්වාගැනීමට නොහැකි අවස්ථා මතුවන බවට හොද උදාහරණයක් ලෙස ඇමරිකා පෙන්ටගනයට වූ ප්‍රහාරය දැක්විය හැකිය. එසේ වුයේ ඒරටතුල සිදුවීම විමසන බියුරෝ එක හා මුළු ලෝකය තුලම සිදුවීම් විමසන CIA නම් වූ ලොව කිසිවකට නොදෙවෙනි වූ බුද්ධි අංශ දෙකක් ක්‍රියාත්මක වෙත්දීය. 21 පාස්කු ඉරිදා ප්‍රහාරය වෙන පැත්තකට යොමු කිරීමට මුස්ලිම් සංහාරයක් කරන්ට දැරූ ප්‍රයත්නයත් අද කරගන යන දේසපාලන වාසි අරබයා කරන සෙල්ලමත් පිළිකුල් කලයුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site