IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ත්‍රිවීලර් ජාවාරමුන්ට වැඩ වරදී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

සොරකම් කරන ලද ත්‍රිරෝද රථවල  චැසි හා එන්ජින් අංක වෙනස් කර මෙන්ම පාට හා හැඩතල වෙනස් කර විකිණීමේ ජාවාරමක නිරත වූ තිදෙනෙකු යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 80 පමණ වටිනා තීරෝද රථ 8 ක් චැසි හා එන්ජින් අංක කෙටීමට භාවිතා කරන උපකරණ කට්ටල ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් අතර ගරාජ්  හිමියෙක්, වාහන අලෙවි කරන ව්‍යාපාරිකයෙක් සහ 19 හැවිරිදි තරුණයෙක් වන බව පොලිසිය කියයි.

කැස්බෑව පොලිස් බල ප්‍රදේශයේ නැති වූ ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන්  සිදුකළ විමර්ශනයේදී පොලිස් සැරයන් 75769 ජයතුංග නිලධාරියාට ලද තොරතුරකට අනුව   පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ සිදුකළ සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින 19 හැවිරිදි තරුණයෙකු  ලිසින් ගෙවීමට අපහසු පුද්ගලයන් මුහුණු පොත හරහා හඳුනාගෙන ඔවුන් හමුවට ගොස් ලීසිං වාරික නියමිත පරිදි ගෙවා ගෙන යන බවට පොරොන්දු වී අඩු මුදලක් ඔවුන් වෙත ලබා දී  ත්‍රීරෝද රථ ලබාගෙන ගරාජ් හිමියා වෙත ලබා දී  මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

සැකකාර දහනව හැවිරිදි තරුණයා  ත්‍රීරෝද රථ ලබා දෙන පුද්ගලයන් හමුවට ගොස් තමන් කාලයක් පැවිදිව සිටි බවත් එම අවස්ථාවේදී සකසාගත් බැංකු පොත පමණක් තමන් සන්තකයේ තිබෙන බව පවසා හිමිනමකගේ  බැංකු  පාස්පොතේ ඡායා පිටපතක් ඉදිරිපත් කර හා තවත් වරෙක වෙනත් පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකයක පිටපතක්  එම තීරෝද රථ හිමිකරුවන් වෙත ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

සැකකරු මොරගහහේන ගරාජ් හිමියා වෙත ලබාදෙන තිරෝද රථ වල එන්ජින් හා චැසි අංක මෙන්ම පාට සහ අනෙකුත් හැඩතල වෙනස් කර ව්‍යාජ ලිපි ලේඛන සාදා  පිළියන්දල ප්‍රදේශයේ වාහන අලෙවි ව්‍යාපාරිකයා වෙත ලබා දී  අලෙවි කිරීමේ කටයුතු සිදු කර ඇතැයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් මොරගහහේන  ගෝනපොල හංදිය ඇටබ හේන පාරේ ගරාජයක  සඟවා තිබූ තිරෝද රථ 4 ක් සහ පිළියන්දල ප්‍රදේශයේ වාහන අලෙවිසැලක තිබූ ත්‍රීරෝද රථ හතරක් පොලිස් භාරයට ගෙන ඇත.

මේ ආකාරයට කූට ලෙස සකසන ලද තීරෝද රථ නවයක් මෙම සංවිධානාත්මක කණ්ඩායම විසින් විවිධ පුද්ගලයන් වෙත විකුණා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය

ලිසිං ආයතන වල ධාවනයෙන් ඉවත් කරන ලද තීරෝද රථ මිලදී ගෙන ඒවායේ ලිපි ලේඛන ජාවාරම සඳහා යොදා ගන්නා තීරෝද රථ වලට ගැනුම් කරුවන් වෙත ලබාදී ඇතැයි පොලිසිය කියයි

පොලිස් භාරයට ගත් සියලුම තීරෝද රථ රජයේ රස පරීක්ෂක වෙත සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් අද (06)කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 



අදහස් (0)

ත්‍රිවීලර් ජාවාරමුන්ට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site