(ක.ග.කරුණාරත්න )
පොලොන්නරුව හබරණ ප්‍රධාන මර්ගයේ බැඳිවැව,25 කණුව ප්‍රදේශයේදීත්‍රිරෝද රථයක් මාර්ගයේ පෙරළීයාම නිසා සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් අයෙකු මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ හබරණ,ත්‍රිකුණාමලය පාර පදිංචි මානික්කහේවගේ මාරපක්ෂ ඉෂාන් දිනේෂ් ප්‍රනාන්දු නැමැති 31 හැවිරිදි අයෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ ටිපර් රථයකද ත්‍රිරෝද රථය ගැටී තිබෙන බව පොලීසිය සඳහන් කලේය.
එම අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරා සහ තවත් අයෙකු තුවාල ලබා තිබේ.ඔවුහු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර ඇත.
ත්‍රිරෝද රථයේ අධික වේගය එහි රියැදුරුට පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මේ අනතුර සිදුවී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශනවලදී අනාවරණයවී තිබේ.අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ රියැදුරා මත්පැන් පානය කර සිටියේද යන්න සොයා බලන බව පොලීසිය සඳහන් කලේය.
මියගියඅයගේ මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය පොලොන්නරුව මහ රෝහලේදී අද(11)පැවැත්වීමට නියමිතය.
ටිපර් රථයේ රියැදුරා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිරෝද රිය පෙරැළී තරුණයෙක් මරුට