IMG-LOGO

ත්‍රිරෝද රිය පාපැදියක ගැටී පැදිකරු මරුට

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම  පොලිස් වසමට අයත් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගම සිට බේරුවල දෙසට ගමන් ගත් පා පැදිකරුවකු ගේ  පසුපසින්  ආ බව කියන ත්රී රෝද රථයක් පාපැදියේ ගැටී  සිදු වූ අනතුරෙන් පා පැදිකරු බේරුවල  රෝහලට ඇතුලත් කිරීමේදී  අද (8) මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ දර්ගා නගරය ගඟ අද්දර පාර පදිංචිවසිටි මොහොමඩ් හනපි මොහොමඩ් ලෆරුල්ලා නැමැති 33 හැවිරිදි විවාහක වෙළඳ සේවකයෙකු බව අලූත්ගම  පොලීසියේ රථවාහන අංශය කියයි.

බේරුවල මුස්ලිම් හදිසි මරණ පරීක්ෂක එන්.එම්.එන්.නස්රින්මහතා   මිය ගිය පුද්ගලයාගේමෘත ශරීරය බේරුවල  රෝහලේ දී පරීක්ෂාකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා  කළුතරශික්ෂණ රෝහල වෙත යොමුකර තිබේ.

අපරික්ෂාකාරී ලෙස ත්රීෝරෝද රථය ධාවනකරමින්   ඉඳුරුව ප්රකදේශයේ සිට බේරුවල  දෙසට  පවුලේ අය සමග  ගමන් කළ සංචාරක හෝටල්  ආපනශාලා සේවකයෙකු වන සැකකරු අත්අඩංගුවට ගත් බව අලූත්ගම පොලිසිය කියයි
සැක කාර ත්රීිරෝද රථ රියදුරාකළුතර අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

අලුත්ගම පොලිස් ස්ථානාධිපති රොමේෂ් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයන්ත ගුණවර්ධන පොලිස් සැරයන් සිල්වා(11310)  පොලිස් කොස්තාපල් නුවන්(67917) යන මහත්වරු පරීක්ෂණ සිදුකරති.



අදහස් (0)

ත්‍රිරෝද රිය පාපැදියක ගැටී පැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 539 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site