( රංජිත් රාජපක්ෂ)
අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි නිවසක් අසලට පෙරලිමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ එක් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා අද (12) දින අලුයම දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් බඹරගල වතු යායේ නිවසක තිබු උත්සවයක සහභාගි වි ආපසු නෝටන්බ්‍රිජ් බලා ත්‍රිරෝද රථය ධාවනය කරවන අවස්තාවේ අලුයම 1.30 ට පමණ ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නෝටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේය.
ත්‍රිරෝද රථය අනතුරට පත්වන අවස්තාවේ ත්‍රිරෝද රථයේ රියදුරා සමග මගින් තිදෙනෙකු ගමන් කර ඇති බවත්,ත්‍රිරෝද රථයේ රියදුරා නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවට පොලිසිය සැකකරයි.
අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ත්‍රිරෝද රිය අඩි 50 ක් පහළට: දෙදෙනකුට තුවාල