(යොහාන් භාසුර)
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කිරීමට සාපේක්‍ෂව ත්‍රීරෝද රථ ගාස්තුව අනිවාර්යෙන්ම අඩු කරන බවත් පළමු කිලෝමීටරය රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටර රුපියල් 80 ක් අයකරන ලෙස ත්‍රීරෝද රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
මීටර සවිකළ ත්‍රීරෝද රථ පිළිබඳව පමණක් තමන්ට අදහස් පළකළ හැකි වුවද එම ත්‍රීරෝද රථ ද විවිධ ගාස්තුවලට මගී ප්‍රවාහනය කරන බව කී ධර්මසේකර මහතා කිව්.ආර්. කේතයට අනුව ත්‍රීරෝද රථවලට සතියකට පෙට්‍රල් ලීටර 5 ක් පමණක් ලැබීම නිසා වැඩි මිලට ඉන්ධන ලබාගෙන ධාවනය කිරීමට සිදුවී ඇති බව ද සඳහන් කළේය.
ආණ්ඩුව පෙට්‍රල් මිල අඩු කළාක් මෙන්ම ත්‍රීරෝද රථවලට හිමි පෙට්‍රල් ප්‍රමාණ ද ඉහළ දැමීමට කටයුතු කළ හොත් ත්‍රීරෝද රථ ගාස්තු අඩු කිරීමේ සැබෑ හැකියාව ඇති බව ද ඒ මහතා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු වෙයි
sene Wednesday, 29 March 2023 04:07 PM
මීටර් නැතිව ?