IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත්‍රීරෝද ගාස්තු පහත දාන්න කොන්දේසියක්

 

(යොහාන් භාසුර)

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් පහත දැමීම පිළිබඳව අවධානය යොමුකර ත්‍රීරෝද රථ ගාස්තු පහත දැමීමට හැකියාව ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

වර්තමානයේ ලබාදෙන පෙට්‍රල් ලීටර 5 ක කෝටාව ඉහළ දමන්නේ නම්  ගාස්තු අඩු කළ හැකි බව කී ධර්මසේකර මහතා රජයෙන් ඒ සඳහා අඛණ්ඩව ඉල්ලීම් කරමින් සිටින බව ද සඳහන් කළේය.

ලීටර පහේ පෙට්‍රල් කෝටාව ප්‍රමාණවත් නොවීම තුළ ත්‍රීරෝද රථ හිමියන්ට වෙනත් පුද්ගලයන්ගෙන් පෙට්‍රල් ඉල්ලාගෙන යෑමට සිදුවී ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.  



අදහස් (5)

ත්‍රීරෝද ගාස්තු පහත දාන්න කොන්දේසියක්

සුරංග Sunday, 02 October 2022 01:51 PM

ඉන්ධන කෝටාව කිව්වම ඒකෙනුත් සමහරක් පොම්ප කරුවන් ගසාකෑමට පුරුදුව ඉන්නවා මම අද ලීටර් 10.63 ක් ඉන්ධන ලබාගෙන 4358.30 ක් වෙනුවට 4360 ක් ගෙවල ගියා ඇෆ් එකට මැසේජ් එක ලැබුනෙ ලීටර් 12ක් ගත්තා අටක් ඉතිරි කියලා

:       0       0

Sonali Sunday, 02 October 2022 04:24 PM

ගොඩක් අය දැන් ත්‍රී වීල් වල යනවා අඩුයි. මීටර් කියල තිබුනත් ගිනි ගනන්. QR එකට ඉස්සෙල්ලා මේ යක්කු ගෙවල් වල පොඩියට ෂෙඩ් දා ගෙන , දැන් කාල රහ වැටිලා. මොවුන්ට පෙට්‍රල් වැඩියෙන් දෙන්න ඕනේ නැහැ. අයෙත් අපිට පෝලිම් වල තපින්න වෙයි

:       0       0

වීරවිජේ Monday, 03 October 2022 09:59 AM

දිට්ඨ ධම්ම වේදනීය කරුමය...

:       0       0

pakeer Monday, 03 October 2022 10:01 AM

පහත දාන්න ඔනෙත් නැහැ...ත්‍රීවීලර් ඔනෙත් නැැ...අයෙ ත්‍රීවීලර් වල යන්නෙත් නැහැ..එ කලෙ ඉවරයි...මෙ මිනිස්සුන්ගෙ ශ්‍රමය ජාතික නිශ්පාදනයට ගන්න හොද වැඩ පිලිවෙලක් බලන්න..ත්‍රීරීවීලර් කියන්නෙ මිනිස්සුන්ව නිකම්මු කරන කාලකන්නි වැඩක්. මෙ මිනිස්සුන්ගෙ ශ්‍රමයට හොදට වැටුපක් ගෙවල රටෙ නිශ්පාදන ක්‍රියාවලියට ගන්න. ත්‍රී වීලර් රැකියාව අවුරුදු 45න් එහා අයට නීතිගත කරන්න

:       0       0

udara Monday, 03 October 2022 02:03 PM

සතියට 5ක් මදි? 1 L වලින් 30KM දුවනවානම් සතියට 4L හයර් දුවන්න ගත්තොත් සතියට 120KM ක් අවම හයර් යන්න පුළුවන් 1 KM වලට අඩුම 100ක් ගත්තොත් 120*100 සතියට 12000/= ක් මාසයට 48000/= මාසයකට 6000/= වහනයට, තෙල් වලට 8000ක්, වෙන් කලත් 34000/= අදායම මේ අවම ගණන්. ජොබ් එකක් කරනවට වඩා මේක හොදයි වගේ. මෙයාලට 5 මදිලුනේ සතියට ඒ කියන්නේ මේ අදායම හොයන එක හරිම පහසුඉනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site