IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රිරෝදය දුම්රියේ ගැටී දෙකක් මරුට:හතරක් රෝහලට

(තරංග ගුණරත්න)

වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් හතරදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි.

අද දහවල් මාතර සිට මහනුවර බලා ධාවනය වූ 8039 දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබියදී වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් ගැටි තිබේ.

එම ත්‍රිරෝද රථයේ මව සහ එකම පවුලේ දරුවන් 3 දෙනකු සහ තවත් ඥාති අයකු ගමන් කොට තිබේ

ත්‍රිරෝද රථයේ රියැදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත්  තුවාල ලැබූ වයස 9 දරුවකු මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් දෙදෙනකු සහ මව හා තවත් ඥාතියකු ප්‍රතිකාර සඳහා මාතර මහා රෝහලට යවා ඇතැයි පොලිසිය කියයි

මෙම පිරිස වැලිගම පැලෑන මෝදර වත්ත ප්‍රදේශයේ පදිංචි අය බවද පොල්වතුමෝදර මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් තිදෙනා මව විසින් රැගෙන ත්‍රිරෝද රථයෙන් නිවසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.



අදහස් (0)

ත්‍රිරෝදය දුම්රියේ ගැටී දෙකක් මරුට:හතරක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site