
ජේ.ඒ.එල්.ජයසිංහ
බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්පස්) සිසුවියෝ සිවු දෙනෙක් එම තරඟාවලියට සහභාගි වූ රටවල් 26 ක් අභිබවමින් ශ්‍රී ලංකාවට ආසියානූ පැසිපික් ජාත්‍යන්තර රීදී සම්මානය හිමිකර ගත්හ.
එහි රන් සම්මානය හොංකොන් රාජ්‍ය දිනා ගත් අතර එහි ලෝකඩ පදක්කම පාකිස්තානය දිනාගෙන ඇත.
චීනය, ඉන්දියාව, පකිස්තානය, හොංකොන් ඇතුළු රටවල් 27ක් මෙම තරගයට සහභාගී වී ඇත.
සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ නිපැයුමක් වූ ෆ්ලෙක්සිමයින්ඩ් මෘදුකාංගය ( සොෆ්ට් වෙයාර්) හඳුන්වා දෙමින් කෞෂානී විජේසුන්දර ,විත්‍යා සංකවි ,ලෝචනී ජයවර්ධන සහ අරනි විජේරත්න යන මෙම සිසුවියන් සිවු දෙනා ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ සම්මානය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් මෙලෙස අත් කර ගෙන ඇත.
මීට උපදේශකත්වය ස්ලිට් ආයතනයේ ආචාර්ය දිල්ශාන් ද සිල්වා මහතා ලබාදුන්නේය. මෙම සිසුවියන් සිවු දෙනා නිර්මානය කළ මෙම මෘදුකාංගය නිර්මානය ශ්‍රී ලංකාවේ සියලු විශ්ව විද්‍යාල පරදවා ප්‍රථම ස්ථානයට පත්වීමෙන් පසු ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තරගයට ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබා ගත්තේය.



2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොරතුරු තාක්ෂණ සිසුවියන් සිව් දෙනා රටවල් 27ක් පරදයි
Sunanda Monday, 16 December 2024 07:57 PM
ඔන්න ඕක තමයි මහත්තයෝ, පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට එපා කියලා උද්ඝෝෂණ කරන්නේ තේරුණාද?
sam Tuesday, 17 December 2024 07:04 AM
නියමයි.. කෙල්ලනේ..!