IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තරුණ සේවා සභාවේ විගණන ප්‍රමාද ගැන කරුණු අසයි

(අංජුල මහික වීරරත්න)

ජාතික තරුණ සේවා සභාවේ ඉකුත් වසර වල  විගණන අංශයෙන් විගණන වාර්තා ඉදිරිපත් කර, නිර්දේශ යොමු කළ ද ඒවාට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමාදයක් පැවති බව ජාතික තරුණ සේවා සභාවේ අභ්‍යන්තර විගණන අංශය සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අතර සාකච්ඡාවකදී අනාවරණය විය.

මහරගම තරුණ සේවා සභාවේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි. 

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ එම ප්‍රමාදයන් සිදු වීමේ හේතුව පිළිබඳව සොයාබලා එම කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. 

යෞවන සමාජ සම්මේලනය සහ තරුණ සේවා සභාවේ විගණන වාර්තාව නිර්දේශ සමඟ කඩිනමින් ලබාදෙන ලෙස ද නියෝජ්‍ය අමාත්‍යවරයා විගණන අංශයට දැනුම් දුන්නේය. විගණන අංශයේ පවතින ගැටලු සහ දැනට සිදුවෙමින් පවතින ක්‍රියාවලිය පිළිබඳවත් මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු විය. 

 නියෝජ්‍ය අමාත්‍යවරයා විගණන අංශය,  තරුණ සේවා සමූපාකාරය, වෘත්තීය මාර්ගෝපදේශ අංශය, තරුණ සේවා සමාගම, යෞවන තිළිණ ප්‍රදාන අංශය, මාධ්‍ය අංශය, නිස්කෝ ආයතනය, තොරතුරු තාක්ෂණ අංශය, ව්‍යවසායකත්ව සංවර්ධන අංශය යන අංශ සමඟ සාකච්ඡා කළේය. 



අදහස් (0)

තරුණ සේවා සභාවේ විගණන ප්‍රමාද ගැන කරුණු අසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site