IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තරුණ ජීවකයකුගෙන් බසයකදී හෙදියකට අමුතු ප්‍රතිකාරයක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බස් රථයක් තුළදී නාවික හමුදා හෙදියකගේ ඇඟට හේත්තු වී ඇයට හිරිහැරයක් වන ආකාරයට කටයුතු හැසිරුණැයි කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

මෙම වෛද්‍යවරයා ඔහු සතු කැමරා පහසුකම් සහිත ජංගම දුරකථනයෙන් මෙම හෙදිය  වීඩියෝ කරගෙන ඇති බව ද එම වෛද්‍යවරයා සතුව තිබියදී පොලිස් බාරයට ගත් ජංගම දුරකථනය පරීක්ෂාකර බැලීමේදී දක්නට ලැබුණු බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකාර වෛද්‍යවරයා බස්නාහිර පළාතේ පිහිටි මූලික රෝහලක රාජකාරි කරන අයෙකි.

නාවික හමුදාවේ සේවය කරන හෙදිය මේ බව මගීන්ට දැනුම් දීමෙන් පසු මගීන් පිරිසක් වෛද්‍යවරයා අල්ලා ගෙන පොලීසියට බාර දී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. 

අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා බීමතින් සිටින බව පෙනී ගිය නිසා ඔහු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මොහු බීමතින් සිටින බවට  එම වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

නාවික හමුදාවේ හෙදිය ද ඇයට සිදුවූ අතවරය ගැන පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.

 



අදහස් (5)

තරුණ ජීවකයකුගෙන් බසයකදී හෙදියකට අමුතු ප්‍රතිකාරයක්

Prabha Thursday, 05 January 2023 11:02 PM

ඕකට පුරුදු උන එකාට අන්තප්පුරයක් දුන්නත් වැඩක් නැහැ

:       2       6

Kapila Friday, 06 January 2023 09:33 AM

මේ තරම් විවෘතව ලිංගික හැසිරීම් වල යෙදෙන්න ඉඩදීලා තියෙන රටේ මොනවට ජැක් ගහන්න යනවද? ඩයනා මැඩම් ගේ යෝජනා වලට සාක්ෂි මේ තියෙන්නේ.

:       2       8

පිටිගල මිලානෝ Friday, 06 January 2023 03:53 PM

ජැක් ගැසීමට පුරුදු වූවන් එයට ඇබ්බැහි වේ. ඒ නිසා මානසික ප්‍රථිකාර අවශ්‍ යවේ. ජැක් එකට ප්‍රිය කරන කාන්තාවන්ද බොහෝ වේ. කොපමන හිස් බස් ආවත් ඔවුන් නගින්නේම සෙනග පිරුනු ඉඩ නැති බස් වලටය. මෙමගින් ඔවුන්ව පහසුවෙන් හදුනාගත හැකිය.

:       0       4

sampath Saturday, 07 January 2023 09:10 PM

මූලික ප්‍රවාහන පහසුකම් නොමැතිව තැලිලා පොඩිවෙලා මිරිකිලා යන කාන්තාවන්ට මෙහෙම කරන එක කොයි තරම් අසාධාරණයක්ද? අපිට තවත් මේ තත්ත්න්වයෙන්වත් මිදෙන්න බැරි වුණානේ. අනෙක වෛද්‍යවරයෙක් මෙහෙම වෙනවනම් මේ අධ්‍යාපනයේ හිඩැස පෙන්වා. ගුණ නැන බෙලෙල් යුතු පුතුමය ඉතා ගරු කියලා සුභාෂිතයේ කියන්නේ දැනුම විතරක් මදි ගුණාත්මක වෙන්න ඕනි කියලයි. අධ්‍යාපනය ප්‍රමාණාත්මක වුණත් ගුණාත්මක නොවීමේ විපාක.

:       0       4

M.H.Deeganatha Sunday, 08 January 2023 12:01 AM

එම වෙදදුරුට වාහනයක් නොමැති බැවින්, පොදු ප්‍රවාහනය භාවිතා කරන්නට ඇත්තේ, මුක්කු ගැසීමේ මනා පළපුරුද්දක් ඇති අයෙක් නිසා විය හැකියි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site