IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තරුණ ඇමති එ,ජා නිත්‍ය නියෝජිත හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රොෆැන්ච් මහත්වරුන් අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී අද සිදුවිය.

මෙහිදී ලංකාවේ තරුණ ප්‍රජාව අතර බෝ නොවන රෝග සහ ලිංගාශ්‍රිත රෝග පාලනය, තරුණ ප්‍රජාව අතර මත්ද්‍රව්‍ය භාවිතය වැලැක්වීම, යන කරුණු සම්බන්ධයෙන් පාසල් අධ්‍යාපනය තුළදීම ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැනීම සිදු විය.

බෝ නොවන රෝග නිවාරණ, මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු වලට අමතරව ජාතික ජන බලවේගයේ ජාතික තරුණ ප්‍රතිපත්තිය හා සමගාමීව තරුණ විරැකියාව අවම කිරීම, අධ්‍යාපනික ක්‍රමොපායන් සහ තරුණයන් සඳහා වූ ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සහ පර්යේෂණ සඳහා ද සහයෝගීතාවය පළ කිරීමට එක්සත්ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරියා කැමැත්ත පළ කර සිටියේය.

 



අදහස් (1)

තරුණ ඇමති එ,ජා නිත්‍ය නියෝජිත හමු වෙයි

Nishan Friday, 07 March 2025 03:00 AM

මරු තරුණ ඇමති. කොණ්ඩේ තවම වැවෙනවා වගේ. දිහා දැක්කම කියන්න පුළුවන් තරුණයන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් බව.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site