
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොල්පිතිගම බස් නැවතුම් පොලක රැඳී සිටි තරුණියක නිවෙසට ඇරලවන පවසා යතුරු පැදියක නංවාගෙන පැහැරගෙන ගොස් පහර දී එම තරුණියට ලිංගික අතවරකළේ යැයි කියන එම පුද්ගලයකු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොල්පිතිගම පොලීසිය පවසයි.
මෙම පුද්ගලයාගේ පහරකෑමට ලක්වූ බව කියන තරුණිය ද රෝහල් ගතකර ඇත.
පරිගණක පන්තියකට සහභාගි වී නිවෙස් බලා යෑමට මෙම තරුණිය පොල්පිතිගම ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම් පොලක රැඳී සිට තිබේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු තරුණිය ඇගේ නිවසට කැඳවාගෙන යන්නම් යැයි කියා කතා කර ඇතැයි පොලිසිය පවසයි.
රෑ බෝවීගෙන එන නිසාත් බස් රථයක් නොපැමිණි නිසාත් තරුණිය යතුරු පැදියට ගොඩ වූ අවස්ථාවේ එම පුද්ගලයා තරුණිය බලහත්කාරයෙන් ඔහුගේ නිවසට රැගෙන ගොස් ඇතැයි ද පොලීසිය පැවසී ය.
නිවස තුළට තරුණිය ඇදගෙන ගොස් ඇති අතර ඇය ඔහුගෙන් බේරී පලා පලායෑමට උත්සාහ කළ අවස්ථාවේ එම පුද්ගලයා තරුණියට පහර දී ලිංගික අතවර සිදුකර ඇති බව පොලීසිය කියයි. තරුණියගේ කෑගැසීම නිසා අසල්වාසීන් පිරිසක් පැමිණ එම පුද්ගලයා අල්ලාගෙන ඔහුට හොඳ හැටි පහරදී පොල්පිතිගම පොලිසියට භාරදීමෙන් පසු එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පහර කෑමට ලක් වී සිටි නිසා මොහු මුලින්ම පොල්පිතිගම රෝහලට ඇතුළත් කර පසුව කුරුණෑගල රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කරන ලදැයි පොල්පිතිගම පොලිසිය වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණිය පැහැරගත් යතුරු පැදිකරු ගුටි කා රෝහලේ
fairoos Wednesday, 15 March 2023 04:40 PM
තනියෙන් ගෙදරත් ඉන්න බැරි තත්වයක් තියනකොට දෙමව්පියන් මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනෑ.
පැරකුම්Wednesday, 15 March 2023 08:43 PM
දෙමව්පියන්ට වඩා තරුණ ළමයි බුද්ධිමත්ව කටයුතු කල යුතුයි නාදුණන අයකුගේ යතුරු පැදියකට නැග්ගේ මොන අදහසකින්ද? ඔහොම වෙලා මදි.
Bunny Preena Thursday, 16 March 2023 09:12 AM
තරුනියන් සහ ගැහැනුන් බොහෝ දුරට ලිංගික අපචාරවලට පත්වෙන්නෙ හොදටම දන්නාදුනන පුද්ගලයින්ගෙ අතින්. ඉතින් රෑට හරි දවල්ට හරි ගමන් බිමන් යනකොට බොහොම ප්‍රවෙසමෙන් තෝරා බේරා ගෙන තීරනය කරන්ට ඔනෙ. කා එක්කද යන්නෙ එන්නෙ කියලා. විශ්වාසය කියන කාසිය උඩ දැම්මට පස්සෙ විශ්වාසය හෝ අනාරක්ශාව කියන කොයි පැත්තකට හරි වැටෙන්ට පුලුවන්. ඉතින් බුද්දිමත්ව කටයුතු කලොත් හොඳයි.