(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමක් අනුව ඇපල් වර්ගයේ ජංගම දුරකථනක් මිලදී ගැනීමට පැමිණ එය පරීක්ෂාකර බැලීමට යයි කියා ඉල්ලා ගෙන එය රැගෙන පළා ගියේ යෑයි කියන 25 හැවිරිදි තරුණියක් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි විදෙස්ගත වන අයදැනුවත් කිරීමේ දේශන පැවැත්වීමේ නිරතව සිටින තරුණියක් යැයි පොලීසිය පවසයි.
තරුණයා සන්තකයේ තිබී ඉල්ලා ගෙන පලා ගිය බව කියන රුපියල් එක් ලක්ෂ විසි දහසක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
පැමිණිලිකාර තරුණයා ඔහුගේ ජංගම දුරකථනය විකිණීම සඳහා මුහුණු පොතේ දැන්වීමක් පළකර ඇත.
මුහුණු පොතේ පළ කර තිබූ එම දැන්වීම දුටු සැකකාර තරුණිය එය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරකලින් කතා කරගත් පරිදි එය මිලදී ගැනීමටගම් ගම්පහ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික දුරකථන සමාගමක ශාඛාවක් ඉදිරිපිටට පෙරේදා( 3)පැමිණ ඇතැයි පොලිසිය කියයි.
දුරකථනය පරීක්ෂාකර බැලීමට යැයි කියා තරුණයාගෙන් ඉල්ලා ගෙන තරුණිය පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
334
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණිය ඇපල් ෆෝන් එක අරන් පැනලා
Mohan Mapa Monday, 04 September 2023 08:41 PM
හොල්මනක් වගේ...!