IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තාරුණ්‍යයේ සිහින යළි නගා සිටුවීම ආශ්චර්යයක්

(අංජුල මහික වීරරත්න)

ඇද වැටුණු බංකොලොත් රාජ්‍යයක් මතින් යළිත් තාරුණ්‍යය සිහින නඟා සිටුවන්නට හැකිවීම ප්‍රාතිහාර්යක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රටේ මිනිසුන් මහමඟ ඉන්ධන පෝලිම් වල, ගෑස් පෝලිම් වල ජීවිතය ද අහිමි කර ගනිමින් අත්‍යවශ්‍ය කිසිවක් සොයා ගන්නට නොහැකි ව ඉබාගාතයේ ගිය කාල පරිච්ජේදය පසු කරමින් මාස කිහිපයක් ඇතුලත රට යලි නව මාවතකට ඔසවා තැබීම ආශ්චර්යක් නොවෙතියි කිසිවකුට කිව නොහැකි බවද විජයවර්ධන මහතා කීය.

මිනිසුන්ට යළි තම අපේක්ෂාවන් වෙනුවෙන් අලුත් හුස්මක් ගන්නට ජනපති දැන් කාලය උදා කර දී තිබෙන බව කී විජයවර්ධන මහතා දැන් රටට අවශ්‍ය වන්නේ සියලු දෙනා එක්ව ගොඩ නැගිය යුතු යකඩයෙන් ශක්තිමත් වූ ස්ථිරසාර රාජ්‍ය පාලන ක්‍රමවේදයක් බවද සඳහන් කළේය.

 



අදහස් (8)

තාරුණ්‍යයේ සිහින යළි නගා සිටුවීම ආශ්චර්යයක්

Sunil Friday, 14 April 2023 09:03 AM

ඔබ දැන් කීවත් සිනා සලා , තරුණ සිහින තවමත් බොඳ වෙලා. ජනතාවගේ ඡන්ද අයිතියවත් ගරු නොකරන්න මේ කාලකන්නි නායකත්වය යටතේ රට තවත් ආගාධයට යනු නියතයි.

:       3       16

pradeep Friday, 14 April 2023 09:32 AM

මොලේ නරක් වෙලාද? නැතිනම් ජනතාව ගොන් හරක් කියලා හිතනවද? නැතිනම් තමන්ගේ බොරුවලට තමන්ම රැවටිලාද?

:       3       16

Rata Perata Friday, 14 April 2023 12:11 PM

තිබුණ ණය වැඩි කිරීම ආශ්චර්යයක් වෙන්නේ කොහොමද මනුස්සයෝ. අඩුම තරමින් 2% ක්වත් මොළේ තිබුණ නම් කොච්චර හොඳද කියලා හිතෙන්නේ මේ වා දකිනකොට තමයි.

:       3       16

අප්පුහාමි Friday, 14 April 2023 05:23 PM

ඉන්ධන පෝලිම් වලින් නිදහස් කිරීම පමණක් තාරුණ්‍යයේ බලාපොරොත්තුව නොවෙයි මැතිතුමා දැන් බලන්න පාසැල් යන දරුවො ඉන්නෙ අවිනිශ්චිත තත්වයක.විශ්ව විද්‍යාලවලට ඇතුළත් නොවුනු දරුවො ඉන්නෙ අවිනිශ්චිත තත්වයක.උපාධිය අවසන් වුනත් නැතත් සම්බන්ධ දරුවො අවිනිශ්චිතවයි ඉන්නෙ රැකියාවක් සොයාගන්න තියෙන තත්වය ඉතාමත් භයානකයි පාසැල් හැරගිය පිරිස් සිටින්නෙ බොහෝ භයානක ලෙසිනි මේ ප්‍රශ්නය විසදීමට පහසු නැහැ ඔබතුමා පක්ෂයේ නායක නිසා පක්ෂයේ ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී මේ සදහා ප්‍රමුඛතාව ලබාදෙනවා නම් ඉතාමත් හොදයි.

:       4       13

sam Friday, 14 April 2023 07:32 PM

සියලු දෙනා එක්ව කැපවීමෙන් රටට සේවය කළහොත් සහ මනා කළමනාකාරීත්වයක් සිදුඋවහොත් දියුණු කිරීම අපහසු නැත

:       2       2

Nalaka Friday, 14 April 2023 09:06 PM

තමුන්ගේ හීන නම් හැබෑ වෙලා ඇති. ඒත් අපේ හීන නම් ඔක්කොම වළ පල්ලේ.

:       2       3

asanka Saturday, 15 April 2023 07:54 AM

ඔහේ හොදට මතක තියාගන්න අපි ඒ කාලේ වගේ නෙමෙයි දැන් අපි හොදට ඔප මට්ටම් වෙලා හොද අවබෝදයෙන් ඉන්නේ කියලා

:       2       3

විපරමා Saturday, 15 April 2023 02:31 PM

තාරුණ්‍යයේ සිහින විතරක් නෙවෙයි ,රටම හොරාකාලා විනාශ කෙරුවේ දූෂිත බලලෝබි දේසපාලුවෝ .මේ කපේදී ඒ සිහින සැබෑ කරන එකත් සිහිනයක් විතරයි .පළාත් සබා චන්දෙවත් තියාගන්ඩ බැරුව පච කෙළිනවා?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site