IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තරුණයන් දෙදෙනකු රෝහල් ගත කළ දැරියක මිය යයි

(තිලකරත්න දිසානායක)

සැක සිතන ආකාරයට තරුණයන් දෙදෙනු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බාලවයස්කාර දැරියක ඇතුළත් කර සුළු වේලාවකින් මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම තරුණිය රෝහලට බාර දුන් පුද්ගලයන් දෙදෙනා ද ඊට  ක්ෂණයකින් රෝහලෙන් අතුරුදහන්ව ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් කීය. 

තරුණයන් දෙදෙනකු මෝටර් රථයකින් රෝහලට රැගෙන ආ එම දැරියට  ක්ෂණිකව  ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති අතර රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා දැරිය මියගොස් ඇති බවට නිගමනය කර ඇත.

වයස අවුරුදු 15 ක් පමණ වන දැරියගේ මුහුණේ සහ සිරුරේ තැනින්තැන පහරදීමකින් සිදු වූ බවට සැකකරන තැලුම් පහරවල් තිබී ඇති බවට නිරීක්ෂණය වන බව ද එම ප්‍රකාශිකාව සදහන් කළාය.

දැරිය මියගොස් ඇති බවට වෛද්‍යවරු නිගමනය කිරීමත් සමග රෝගී දැරිය රෝහලට රැගෙන තරුණයන් දෙදෙනා භූමියෙන් පිටව ගොස් ඇති බව පෙනී ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් රෝහල් පොලීසියෙන් කළ විමසිමේදී එහි නිලධාරියෙක් සදහන් කර සිටියේ, රෝහල් භූමියෙහි ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කොට අදාල මෝටර් රථය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගනිමින් වැඩි දුර පරීක්ෂණ සිදු කරන බවය.



අදහස් (3)

තරුණයන් දෙදෙනකු රෝහල් ගත කළ දැරියක මිය යයි

ganegoda Friday, 11 November 2022 12:35 PM

රෝහලේ CCTV වල මෙයාලගේ දර්ශනය පටිගත වෙලා නේද?

:       1       16

රෝහිත Friday, 11 November 2022 12:44 PM

සියලු රෝහල්වලට රෝගීන් ඇතුළත් කරන ස්ථානයේ රෝගියා සමග පැමිණෙන අයගේ පැහැදිලි ඡායාරූප ගැනීමට හැකිලෙසට කැමරා සවිකරන්න. ඒ සමගම රෝහලේ දොරටු ආශ්‍රිතව සවිකරන්න...

:       3       39

zeylanicusFriday, 11 November 2022 05:11 PM

ඕවා කලාම වෙන්නේ අසනීපයක් වෙලා පාර අයිනේ කෙනෙක් වැටිලා හිටියත් කිසිකෙනෙක් ඉස්පිරිතාලෙකට ගෙනියන්න ඉදිරිපත් නොවෙන එක.. දැනටමත් එහෙම තත්වයක තියෙන්නේ පස්සේ පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනනිසා...!

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site