IMG-LOGO

තරුණයෙක් දුම්රියට බිලි

( තිස්ස කොටින්කඩුව)

කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කළ යතුරු පැදියක් දුම්රියේ ගැටිමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව සිදුව පොලිසිය පවසයි.

මෙම දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේටිටුවක් සවිකර නොමැති අතර දුම්රිය පැමිණෙන බව අනතුර අගවන විදුලි සංඥා පද්ධතියක් සවි කොට ඇතත් එය ක්‍රියාත්මක කිරිමට මෙතෙක් පියවර ගෙන නැති බව මිගමුව දුම්රිය විදුලු සංඥා පරික්ෂණ කාර්යාලයේ නිලධාරියෙක් කීය.

මෙසේ ඉතා අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අංක 131/1, ශ්‍රි ලංකා ගුවන් හමුදා කදවුරපාර,කුරන, කටුනායක යන ලිපිනයේ පදිංචි 27 හැවිරිදි තිලාන් රෙවොන් විජේන්ද්‍ර ප්‍රනාන්දු යන අයෙකු බවට හදුනාගෙන ඇති බවද පොලිසිය කියයි.

ඔහු සිය යතුරු පැදියෙන් කටුනායක නිදහස් වෙළෙද කලාපයේ සේවය සදහා ගොස් නැවත තම නිවස බලා එමින් සිටියේදි කටුනායක දලුපොත පාර දුම්රිය හරස් මාර්ගයේදි පුත්තලම සිට කොළඹ බලා  ගමන් ගනිමින් සිටි සිඝ්‍රගාමි දුම්රියක ගැටි ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු පවත්වන සිදුව පොලිසිය සදහන් කරයි.



අදහස් (1)

තරුණයෙක් දුම්රියට බිලි

Nuwa Sunday, 20 March 2022 07:09 AM

සංඥා වැඩ කරන තැන්වලත් තත්පර 30 කට වාහනය නවත්වා ගියර් මාරු කර තමයි අපිනම් යන්නෙ... මොනම සංඥාවක් නැතත් රේල්පාර පේනවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 623 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site