
(රෝෂන් තුෂාර සහ ජේ.ඒ.එල් ජයසිංහ)
ඉන්දීය රෝයල් පංජාබ් කණ්ඩායමේ කළමනාකාර වරයා ලෙස කටයුතු කරමින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ෆිල්ම්ස්ටඩ්ට හා නවසීලන්ත ක්‍රීඩක නිල් බෲට මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලත් පෙචලෝඩියා ආකාශ් ක්‍රිකට් කළමනාකරුට වසර දහයකට අත්හිටවූ වසර හතරක සිර දඬුවමක් මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය අද නියම කළාය.
මීට අමතරව අදාල චෝදනා දෙකට රුපියල් මිලියන පහමාර බැගින් රුපියල් මිලියන 11 ක දඩයක්ද නියම කළාය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි චෝදනා කරමින් අධි චෝදනා දෙකක් යටතේ පවරා තිබූ නඩු දෙකක් සලකා බැලීමෙන් පසුව මෙම තීන්දුව නිකුත් කළාය .
2019 අංක 49 දරණ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම අධි චෝදනා ගොනු කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරඟ පාවාදෙන්න බලපෑම් කළැයි අත්හිටවූ සිරදඬුවම්