IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


තිරිංග යොදා තිබූ ආර්ථිකයට අයවැයෙන් නිදහසක් දුන්නා

(අංජුල මහික වීරරත්න)

ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ  පැවති  තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන  සමුළුවට එක්වෙමිනි.

තිරිංග යොදා සිර කර තිබෙන ආර්ථිකය වෙනුවට යම් තරමක නිදහස් චලනයක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .

ආර්ථිකයෙහි  නිදහස් චලනයක් ඇති කිරීමෙන් යම් සංවර්ධන වේගයක් අත්පත් කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට සරිලන පරිදි ආර්ථිකයට විශාල කම්පනයක් නොදැනෙන ලෙස මෙවර අයවැය සකස් කළ බවද කියා සිටියේය.



අදහස් (5)

තිරිංග යොදා තිබූ ආර්ථිකයට අයවැයෙන් නිදහසක් දුන්නා

Aslam Tuesday, 11 March 2025 12:06 PM

මෙම අයවැයෙන් පහළ මධ්‍යම පාන්තික ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් නොමැත.

:       4       9

fairoos Tuesday, 11 March 2025 12:23 PM

ජයවේවා... නාස්තිය සහ හොරකම් නැතිකරපු එකම රටට සහනයක්... ඒ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න ටිකක් කල්යයි

:       11       8

ගුණරත්න Tuesday, 11 March 2025 01:15 PM

සෑර් අපි නං දන්නේ නැහැ මොනවද ඔය තිරිංග කියලා, ඔය ලස්සන වචන දැම්මට හරයක් නැති නිකම් නිකම් කතාවක් කියල අපිට තේරෙන්නේ.

:       7       12

sene Tuesday, 11 March 2025 05:41 PM

ගුනරත්න මොවුන්ගෙන් සෑම දේම වචනවලට පමනක් සීමා වුන දේ බව මට පමන්ම නොව ඔබටත් තේරි ඇත. ඔබට මල් මිටක්.

:       2       2

Neel Tuesday, 11 March 2025 09:05 PM

කීයන දේවල් තේරුම්ගන්න සාමාන්‍ය ජනතාවට පුලුවන් නමූත් බත් කන හරකුන්ට ගොඩක් අමාරුයි...

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site