IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


තායි අගමැතිනිය ධූරයෙන් නෙරපයි

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්වුණු තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවිණි.

පේටොංටාර්න් ෂිනවාත්‍රා, කාම්බෝජ හිටපු නායක හුන් ට ඉතා ලෙංගතුව, හිතවත්කමින්, 'අංකල්' යනුවෙන් ආමන්ත්‍රණය කරමින්, තායිලන්තය සහ කාම්බෝජය අතරේ හටගෙන ඇති දේශසීමා අර්බුදය විසඳීමට මැදිහත් වෙන්නැයි කරන ඉල්ලීම ඒම දුරකතන සංවාදයට ඇතුළත් වෙයි.

එම දුරකතන සන්වාදයේ දී, තායිලන්ත අගමැතිනිය, තායි හමුදා ප්‍රධානීන් විවේචනය කරන අතර, ඇගේ සන්ධාන රජයේ හවුල්කාර පක්ෂ හෑල්ලු කරමින් කතා කරයි. මෙම දුරකතන සන්වාද හඬ පටය ප්‍රසිද්ධියට පත් වෙද්දී, අගමැතිනී පේටොංටාර්න්ගේ සන්ධාන රජය ද දෙදරා ගියේය. ජනතා විරෝධයක් ද ඉස්මතු විය.

ඉන්පසු අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කෙරුණු අතර එය  මේ වනවිට අධිකරණය තුළ විභාග වෙමින් පවතී.

ඒ අනුව, පසුගිය දශක දෙකක කාලය තුළ තායි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවත් ෂිනවාත්‍රා පරම්පරාවේ - ඔවුන්ගේ ධූර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වන තුන් වන දේශපාලනඥයා පේටොංටාර්න් වීමට ඉඩ ඇත. පේටොංටාර්න්, යනු තාක්ෂින් ෂිනවාත්‍රාගේ දියණියයි.

අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කිරීම සඳහා වන නඩුව සලකා බලන අතරතුරේ ඇගේ සේවය අත්හිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිසුරුවරුන් 7න් 2ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඇයට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට දින 15 ක් හිමිවී ඇතැයි ද පැවැසෙයි.



අදහස් (2)

තායි අගමැතිනිය ධූරයෙන් නෙරපයි

රුවන් Wednesday, 02 July 2025 06:45 AM

පියා නම් හරියට අගමැති කාලයේ හිටියා දුවට බැරි වුනේ ඇයි? මිනිස්සු ඡන්දෙ දුන්නේ පියාගේ චරිතය නිසා මිස දුව වෙනුවෙන් නෙමෙයි වගේ.

:       2       7

ජිරාපොන් ලුජුන්තා Wednesday, 02 July 2025 08:26 AM

රටේ ලේඩි බෝයිස්ලා වැඩි වෙනකොට ඔය වගෙ පොඩි පොඩි ප්‍රශ්ණ එනවා. ඔවා කතා කරලා විසදගන්න ඔනේ

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 159 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site